හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණියට විවිධ චෝදනා නැගීම මාධ්‍ය නිදහසට තර්ජනයක් යයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණිය වන මීරා සිරිනිවාසන්ගේ කැබිනට් සාකච්ඡාව වාර්තාකරණයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩු හිතවාදීන් එල්ලකරණ චෝදනා පිළිතුරුදීමේ අයිතියෙන් ඔබ්බට ගොස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසට කරන බලපෑමක් දක්වා වර්ධනයවී ඇතිබව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ප්‍රකාශ කළේ යැයි මීරා සිරිනිවාසන්ගේ නමින් හින්දු පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවූ අතර එය ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් හින්දු පුවත්පත ඇමතිවරුන් සිවිදෙනෙකුම මෙම පුවත තහවුරු කළ බවට වන ස්ථාවරයක සිටියි.මේ අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරු සිවි දෙනෙක් හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය හරහා රෝ සංවිධානය සමග සබදකම් පවත්වමින් තොරතුරු ලබාදෙන බවයි.
මෙය මාධ්‍යවේදීන්ට , විශේෂයෙන්, හින්දු පුවත්පතේ කොළඔ වාර්තාකාරිණියට පදනමි විරහිත චෝදනා නගමින් බලපෑම් කිරීමක් වන ලෙස හදුනාගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇයට සිය මූලාශ්‍ර හෙළිනොකිරීමට ඇති අයිතිය පිළිගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.මෙම සිදුවීම ජනමාධ්‍යවේදීන්ගේ විශේෂයෙන් මෙරට සිටින, විදෙස් මාධ්‍ය වෙනුවෙන් වාර්තාකරණයේ නියැලෙන වාර්තාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සංවේදී කරුණක් ද වන හෙයින් මේ පිළිබඳ වඩාත් වගකීම් සහගතව කටයුතු කරන ලෙසටද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදාළ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි.
කැඳවුම්කරු
සි.දොඩාවත්ත
දිලීෂා අබේසුන්දර
ලේකම්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...