දේශීය පුවත්

“වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය.වපුරන දේ අනුවයි අස්වැන්න ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.ඉතිං බෞද්ධයන් වශයෙන් අපිත් මීට මාස තුනකට කලින් අස්වැන්න වැපිරැවා පසුගිය මාස තුනේ ම එය හොඳින් ආරක්ෂා කළා.දැන් තියෙන්නේ එහි පලය නෙළාගැනීමටයි.

ඒ කියන්නේ මීට මාස තුනකට ඉහතදී තමයි වස් කාලය ආරම්භ වුනේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම හඳුන්වන්නේ පිං නැමති බීජ වැපිරැවා කියල.වැපිරැව දේ ආරක්ෂාකලා කියන්නේ වස් තුන් මාසෙම දාන,ශීල,භාවනා කියන මේ කුසල් දහම් සිදුකරගත්තා කියන එකයි.දැන් එහි පලය නෙලාගන්නවා කියන්නේ මේ වප් පොහොයෙන් තමයි කඨින පිංකම් ආරම්භ වෙන්නේ මේ මාසය ඇතුළත තමයි අපිට පිංපල නෙළාගන්ට පුළුවන්.මම මේ හකුළුවා කියන්න ඕනි දෙයක් මෙච්චර දිගහැරිල කිව්වේ වෙන මොකටවත් නෙවෙයි.මේ මාසෙවත් පංසල් ගිහින් පිංකම් කරගන්ට කියන්⁣න ඕන නිසා.ඉතිං වප් පොහොයෙ ප්‍රධාන වැදගත්කම් කිහිපයකි මේ…

⭐️.මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දේශනානකොට සෝවාන් ඵලය ලබාදී මනුලොවට වැඩමකිරීම.

⭐️.සැරියුත් මහ තෙරැන්ට අග තනතුරු ප්‍රධානය කිරීම.

⭐️.මතු බුදුවන ⁣මෛත්‍රී බොසතුන්ට විවරණ ලබාදීම.

⭐️.බුද්ධ අධිෂ්ඨානය අනුව ජය ශ්‍රී මහාබොධියෙහි දකුණු ශාඛාව කඳින් වෙන්වී රන් කටාරම මත පිහිටිම.

⭐️.ථූපාරාමයේදී විනය සංඝායනාවක් සිදුකිරීම.

⭐️.වස් පවාරණය සිදුවීම.

යන මේ කාරණාවන් ප්‍රධාන කොටගෙන වප් පුර පසලොස්වක පොහොය දිනය වැදගත්වන බව දතයුතුය.

තෙරුවන් සරණයි!!!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More