වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා විදේශ බලවේග සහ ඩයස්පෝරාව විශාල වශයෙන් මුදල් වියදම් කළේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
ඔවුන්ගේ ප්‍රධාන අරමුණ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම බවත්, එම පොරොන්දු ඉටු කර දීම සදහා ආණ්ඩුව වචන හරඹ ඔස්සේ ජනතාව මුලා කරමින් සිටින ඉවත් උන්වහන්සේ සදහන් කර සිටියේය.
එදා හිටපු ජනාධිපතිවරයා එලවන්න කටයුතු කළ ඉන්දියාව අද එතුමාට ඔටුනු පළදවා මල් මාලා දමමින් සිටින බවත් එසේ වූයේ රට ගොඩනැගිය හැකි, රටට ආදරය කරන බෞද්ධ බලවේග සිටින්නේ එතුමා වටා බව ඔවුන්ද තේරුම්ගෙන ඇති නිසා බවද උන් වහන්සේ සදහන්කර සිටියේය.
රට බෙදන ව්‍යවස්ථාව මැයෙන් ඊයේ (23) සවස පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...