දේශීය පුවත්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇති අද (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ සාකච්ඡාවට සහභාගී වන්නන්ට එල්.ටී.ටී.ඊ. ලාංඡනය සමග පත්‍රිකාවක් බෙදා හැර ඇති බවට දෙමළ ජනතා සභාව පවසයි.

මේ අතර (22දා) රාත්‍රිය වන විට අදාළ පත්‍රිකා කිහිපදෙනෙකුට හා යාපනයේ ඇතැම් ස්ථාන කිහිපයක දමා ගොස් ඇති බවටද වාර්තා වෙයි.

අදාළ පත්‍රිකාවේ දෙමළ ජනතා සභාවේ සමසභාපති වරයෙකු වන වෛද්‍ය පී. ලක්ෂ්මන් මහතාගේ ඡායාරූපයක්ද සමග සඳහන් කොට ඇත්තේ ‘නායකයන්ගේ මාසයේ මහා නැගිටීම, දෙමළ ජනතා පෙරමුණේ නායකයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන ලෙසය.

එහි නායකයන්ගේ මාසය යනුවෙන් සඳහන් කොට ඇත්තේ කොටි සංවිධානයේ මහවිරු මාසය මෙන්ම කොටි නායකයාගේ උපන්දින මාසය වශයෙන් හැඳින්වීමට හැකි බවයි දෙමළ ජනතා සභාවේ සාමාජිකයෙක් පවසා සිටියේය.

අදාළ පත්‍රිකා සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාවේ ප්‍රබල සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා නිවේදනය කොට ඇත්තේ අද (24දා) පැවත්වෙන දෙමළ ජනතා සභාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More