දේශීය පුවත්

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය.

වීර දුටු ගැමුණු සංවිධානය එළිදැක්විමේ මංගල උත්සවය අද (23)දින අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වුණි.මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් වීර දුටුගැමුණු සංවිධානයේ නායක මර්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.

මම දුටු ගැමුණු රජතුමා උපන් ගමේ මන්ත්‍රී.උතුරු මැද පළාතේ මේ වැව් ටිකයි දාගැබ් ටිකයි විනාශ වුනොත් මම දුටුගැමුණු මහ රජතුමාගේ ගමේ උපන් මිනිහෙක් විදියට ලැජ්ජාවක්.අන්න ඒ ලැජ්ජාවෙන් මිදෙන්නත් උතුරු මැද පළාතේ ජනතාවට සේවයක් කරන්නත් මම උතුරු මැද පළාත තෝරා ගත්තා.ඉදිරියේදී මහ ඇමතිකමට තරග කරන්නත් ඉදිරිපත් වෙනවා.

එසේම ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධයන් වෙනුවෙන් ජනාධිපති ධූර සඳහාත් තරග කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ධුරයට පත්වෙලා ලොකු වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වෙනස පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බව මර්වින් සිල්වා මහතා මෙහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More