දේශීය පුවත්

කියුබාව වගේ කඩුවෙල පුරවරයේ වැසියන්ගේ එළවලු අවශ්‍යතාවයෙන් 50%ක් ගෙදර වවාගෙන කන්න පුලුවන් ක්‍රමයක් බිහිකිරීම තම අරමුණ බව කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ හෝකන්දර දක්ෂිනරාම විහාරස්ථානයේ අද(23) පැවති වප්මගු උත්සවයට සහබාගි වෙමිනි.

හෝකන්දර දක්ෂිණාරාමයේ විහාරාධිපති ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමියන්ගේ සංකල්පයක් හා මාර්ගෝපදේශකත්වය යටතේ ප්‍රගති ගොවි සංවිධානයේ හා කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමාගේ මැදිහත්වීම මත එම ප්‍රදේශයේ වසර ගණනාවක් පුරන්ව පැවති කුඹුරු යාය අස්වැද්දීම අද දින එම වෙල්‍ යායේදි සුභ මොහොතින් ආරම්භ කෙරිණි.

” කෙත් සිරිය ” නම්න් දැහැමි දරුවෝ ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ මෙම අවස්ථාවට ජාතික ගොවිජන එකමුතුව වෙනුවෙන් ඉංජිනේරු රජරට අනුරාධ මහතාත්, ගොවිජන සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද ප්‍රදේශෙයේ ගොවි ජනතාවගේද සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගි වූ කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමා මෙසේ පැවසීය. ” අපේ වගකීමක් තමා ජනතාවගේ ජීවන තත්තවය සුභදායී කිරීම .ඒ සදහා අපේ ආහාර සුරක්ෂිතතාවය ඉතාම වැදගත් වෙන අතර විශේෂයෙන්ම අප අද කන්නේ වසවිස. අපේ නගර සභාවේ කාබනික පොහොර භාවිතා කරමින් කඩුවෙල බල ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරිම අපේ අරමුණයි. ලෝකයේ බොහෝ රටවල අද වසවිසෙන් ඈත් වුන බවභෝග වගාවට යොමුවෙලා. තමන්ට අවශ්‍ය බොහෝ එළවලු පළතුරු තම ගෙවත්තේ වගා කරගෙනයි කන්නේ. විශේෂයෙන්ම කියුබාව වගේ රටක ජනතාව තම ආහාර අවශ්‍යතාවයෙන් 50% ක් සපුරාගන්නේ වස විසෙන් තොර ආහාර වර්ග තම ගෙවත්තෙන්ම සපුරා ගන්නවා.

ඉතින් අපේ රට කෘෂිකර්මාන්ත රටක් නිසා අපිටත් පුලුවන් මේ ආකාරයට වගාකරගන්න. අපි බලාපොරොත්තු වෙන්නෙත් අපේ කඩුවෙල බල ප්‍රදේශයේ මෙවැනි ගෙවතු බිම් ආරම්භ කරමින් වීදියේ ගණුදෙණුව අවම කරලා වස විසෙන් තොර ආහාර භාවිතයට යොමු කරවන්නයි. එක පැත්තකින් රටේ නිෂ්පාදන ඵලදායිකත්වය ඉහල දාන්න ගමේ ආණ්ඩුවේ අපිට උපරිම දායකත්වය හා මගපෙන්වීම ලබාදෙන්නේ නම් මේ රට ගොඩනගන එක එතරම්ම අපහසු කාර්යභාරයක් නොවේ.”

කියුබාව වගේ කඩුවෙල පුරවරයේ වැසියන්ගේ එළවලු අවශ්‍යතාවයෙන් 50%ක් ගෙදර වවාගෙන කන්න පුලුවන් ක්‍රමයක් බිහිකිරීම අපේ අරමුණයි.. කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා. ඒ මහතා මේ බව සදහන් කලේ හොකන්දර දක්ෂිනරාමය විහාරස්ථානයේ අද පැවති වප්මගු උත්සවයට සහබාගි වෙමිනි.

Gepostet von Lanka Lead News am Dienstag, 23. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More