අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
විත්තිකරු අද සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට කරුණු දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය ඔහුට දැනුම් දුන්නාය.
ඊට අවශ්‍ය කඩදාසි සහ පෑන් බන්ධනාගාරය මාර්ගයෙන් ඔහුට ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
ජනාධිපතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...