ශ්‍රි ලංකා බෞද්ධ ඉතිහාසයේ ලියවුණු අට්ඨකතා තුනෙන් එකක් වු කුරුන්ඳක අඨිඨ කතාව ලියවුණ කුරුන්ඳාවශෝක විහාරයේ සංරක්ෂණ කටයුතු නතර කරන ලෙස මුලතිවි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබු අතුරු තහනම් නියෝගය ඊයේ (22) ඉවත් කරන ලදි.
1905 පුරාවිද්‍යා පාලන වාර්තා හා 2013 විශේෂ ගැසට් නිවේදනය අනුව පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට මෙම ස්ථානය ප්‍රකාශයට පත් කර ඇත. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිසි ලෙස ලබා දෙන ලද අවසරය සහිත එම ස්ථානයේ මැනුම් කටයුතු කර සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට සපුමල්තැන්න ආරණ්‍යසේනාසනාධීපති ගල්ගමුවේ සාන්තබෝධි ස්වාමීන්වහන්සේ බුදු පිළිමයක් සහා අනෙකුත් උපකරණ සමග පැමිණි අවස්ථාවේදි , ද්‍රවිඩ ජාතික සංධානයේ කේ සිවනේෂන් සහ රවිහරන් පළාත් සභා මන්ත්‍රිවරුන් ගේ උසිගැන්වීම මත පිරිසක් මැදිහත්වී ස්වාමීන්වහන්සේ සහ පිරිසට අවහිර කර තිබේ.
කෙසේවුවද ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් සාමය කඩකිරිම පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුනේ ස්වාමීන්වහන්සේ ට එරෙහිව පමණි. සාමය කඩවීමට මුල් වු කේ.ශිවනේෂන් හා රවිහරන් මන්ත්‍රිවරු පිළිබඳ කිසිඳු සටහනක් එම වාර්තාවේ ඇතුලත් නොවීය.
ස්වමීන්වහන්සේ වෙනුවෙන් පෙනිසිටි ජාතික හිමිකම් තොරතුරු කේන්ද්‍රයේ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා , අදාල ස්ථානය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගැසට් නීවේදනය හෝ එම ස්ථානය සංරක්ෂණය කිරිමට ඉදිරිපත් කරන ලද වැඩසටහන ප්‍රශ්න කිරිම ට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැතිබව සැලකර සිටියේය. ඒ අනුව නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පනවා තිබු තහනම ඉවත්කර සාමය ආරක්ෂා කිරිම සඳහා එම සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට පෙර අදාල කටයුතු පිළිබඳව අදාල ප්‍රාදේශිය ලේකම්වරු දැනුවත් කර ඒ බව ලබන මස 09 වෙනිදා අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කරන ලදි.
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ උපදෙස් මත නීතිඥ සමිත් ලියන්ගේ මහතාද අගතියට පත් ස්වාමීන්වහන්සේ වෙනුවෙන් පෙනිසිටියහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...