ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23) අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ අද නඩුව කැඳවු අවස්ථාවේදී රසපරීක්ෂකවරයා මේබව දැනුම් දුන්නේය.
එමෙන්ම අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත්තේ නාලක ද සිල්වා මහතාගේ කාමරයේ තිබී ඔවුන් බාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ ඔහු භාවිත කළ ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහාද තෙරතුරු හුවමාරු වී ඇති බවයි.
සියලු තොරතුරු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය එහි රස පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...