බොරු යුද අපරාධ චෝදනා මත වන්නි හමුදා මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56කට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම බලකායට පැමිණීමේ තහනමක් ප්‍රකාශ පත්කර ඇත.
කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම් මත මෙම හමුදා නිලධාරීන්ගේ නම් එක්සත් ජාතීන්ගේ සාමසාධක බළකා ප්‍රධානියා වෙත ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරීන් යස්මින් සුකා විසිනි.
විමර්ශනයකින් තොරව ඇය මෙම හමුදා නිලධාරීන් යුද අපරාධ සිදු කර ඇතැයි තීන්දු කර තිබේ. මාලි රාජ්‍යට ගිය කළණ අමුණුපුර නමැති නිලධාරියා ද වන්නියේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සහ පුදුකුඩුඉරිප්පු රෝහලට ෂෙල් වෙඩි එල්ල කළ බවට ඇය විසින් චෝදනා කර ඇත.
මෙයට පෙර ඇය මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පුදුකුඩුඉරිප්පු වලට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා නගා තිබුණි.
– Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...