ගාල්ල ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊයේ(17) රාත්‍රියේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට පැනවූ පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 9.00ට ඉවත් කළ බවයි.
ගාල්ල පොලිස් වසමේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම සහ කුරුඳුවත්ත යන ග්‍රාමසේවා වසවම් 06කට ඊයේ රාත්‍රි සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.
එමෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි එම ප්‍රදේශ වල රාජකාරී සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් 200ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සියයකට අධික ප්‍රමාණයක් එම ප්‍රදේශයේ රාජකාරී සඳහා යොදවා තිබේ.
ගාල්ලේ වසම් 5කට ඇඳිරි නීතිය
ගාල්ල ප‍්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් කුරුදුවත්ත, ගිංතොට, මහහපුගල, උක්වත්ත, වැලිපිටිමෝදර යන ග්‍රාමසේවා වසම් 5කට මේ වන විට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
එය සෙනසුරාදා (18 ) පෙරවරු 9.00 තෙක් බලපැවැත්වෙන බව සඳහන් වේ. කලබලකාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අමතර පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශ වලට කැඳවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...