දේශීය පුවත්

රටෙහි ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතිනවා යන්න සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම රටේ ජනතාවට ඇති කරන්නේ විශාල කුතුහලයක් බවත් රටෙහි ප්‍රධාන පුරවැසියාගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට මෙතරම් ප්‍රමාද වෙනවා නම් සාමාන්‍ය ජනතාවගේ නීතිමය ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම පිළිබඳව ජනතාවට බලවත් ගැටලුවක් පැනනඟින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජක්‍ෂ මහතා පවසයි.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ඉතා බරපතළ කාරණයක් බවත්, එහි පරීක්‍ෂණ මීට වඩා කඩිනම් විය යුතු බවත් ඒ මහතා පැවැසීය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජාතික පුවත්පතක් කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පවසා ඇත.

ජනාධිපතිවරයා වගේම හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත්, මාවත් ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් පිළිබඳව හෙළිදරව්වීමක් සිදුවුණා. වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කරන්නට යනවා යැයි කීම බරපතළ දෙයක්. මොකද එතුමා දැන් රටේ ජනාධිපතිවරයා.

අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් අපි මේ වන විට විද්වත් කමිටු පිහිටුවලා තිබෙනවා. මේ ආණ්ඩුව පෙරළා දමීමට සියලු පෙරමුණු එකතු වෙලයි ඉන්නේ. ඒකාබද්ධ විපක්‍ෂයත් ඊට සූදානම්. එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු කාලය දේශපාලනයේ තීරණාත්මක කාලයක් බවට පත්වේවි.



2 thoughts on “සියලු බලවේග එක පෙරමුණකට…දෙසැම්බර් 15න් පසු රටේ දේශපාලනය තීරණාත්මකයි”

  1. Obathuma abrudu thunakma keeve Mekama thamai .
    Dennam obathumawath kiyana deval hariyata Kalaguna departamenthuva vagei .???

  2. මහින්දගේ පච කතා අහන්න තවමත් මේ රටේ මිනිස්සු මෝඩයි කියලද මහින්ද හිතන්නෙ. කට ඇරියොත් ටොම් පචයක්මයි ගහන්නෙ. මහින්ද මහත්තයො ඔය පොහොට්ටුවෙ ලොක්ක කම බැසිල් මොල්ලිගොඩට දුන්න දවසෙම අපි දැනගත්ත ඔබ තුමා එන්නෙ මොකාටද කියල. අවුරුදු 3ක්ම කීවෙ ආන්ඩුව ගන්නව කියල. නිකං බොරු කියල තව අපිටත් පව් පුරවන්නෙ නැතුව හිටිය නම් හොඳයි… අපොයි එහෙම ආන්ඩුව ගත්තොත් ගජ මිතුරු රනිල් කොහෙද යන්නෙ? අර බැසිල් මොල්ලිගොඩගෙ 10% හොරකම් ටික වහගෙන ශේප් වෙන්න කොහොමද? ම්ම්ම්?? ටිකක් අමාරුයි වගේ නේද වැඩේ?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More