ව්‍යාපාරික පුවත්

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවලින් ද එම තොරතුර සනාථ කර ඇත.

මෙරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ ගැන පසුගියදා විශේෂ අධ්‍යයනයක් කරන ලදී. එහිදී හෙළිදරව් වූ දත්ත අනුව 2018 ජූලි මස 1 වැනිදා වන විට තිබූ තත්ත්වය අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙරට වාර්ෂික කාර් අවශ්‍යතාවය 45,000ක් පමණය. මේ වනවිට රට තුළට ආනයනය කර ඇති කාර් රථ සංඛ්‍යාව 2,34,000කි. වසරකට ශ්‍රී ලංකාවේ වාර්ෂික ද්විත්ව කාර්ය වාහන අවශ්‍යතාව 4000ක් පමණය. දැනට ගබඩා අංගනවල මෙම වර්ගයේ වාහන 24,276ක් තිබේ. වාර්ෂිකව රට තුළ අලෙවි වන ත්‍රීරෝද රථ සංඛ්‍යාව 2,0000 පමණ වේ. එහෙත් දැනට ගබඩා අංගනවල ත්‍රීරෝද රථ 1,68,419ක් ගාල් කර ඇත්තේ අලෙවිය පිණිසය. එමෙන්ම රටේ වාර්ෂික මෝටර් සයිකල් අවශ්‍යතාව 30,00,00කි. නමුත් දැනට මෝටර් සයිකල් අලෙවිකරුවන් ළඟ අලෙවියට ගෙන්වා ඇති මෝටර් සයිකල් 9,43,920ක් රඳවාගෙන ඇත.

මේ ආකාරයට වසර 5කට පමණ ප්‍රමාණවත් වන වාහන තොගයක් රට තුළට එකවර ආනයනය කිරීම රටේ බරපතළ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මෙම සමීක්ෂණය පැවැත්වූ විද්වත්හු පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More