දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයට නොහැකි වූ දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණය අයිතිය ඔස්සේ වූ පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම තම පක්ෂයේ මූලික අභිප්‍රාය බව නව දේශපාලන පක්ෂයේ අරමුණ පැහැදිලි කරමින් උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය යාපනයේදී පැවසීය.

ආනන්දි සෂිහරන් මහත්මිය විසින් අලුතින් පිහිටුවන ලද ”දෙමළ ඊළාම් ස්වයං රාජ්‍ය සංවිධානය” පක්ෂයේ අරමුණු හා ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම පිණිස යාපනයේ හෝටලයකදී පැවති රැස්වීමක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

දෙමළ ජනතාව වෙණුවෙන් පෙනී සිටිමින් කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාව වෙණුවෙන් කිසිවක් ලබා දීමට නොහැකි වූ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කාර්මින් තමන් මේ පක්ෂය පිහිටුවන බව කී අමාත්‍යවරිය ඊට විශාල පිරිසකගේ සහය අවශ්‍ය බවද කියා සිටියාය.

දෙමළ ජනතාවට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉටුවන අන්දමේ පාලන ක්‍රමයක් බවද ඇය මෙහිදී සදහන් කළාය.

දකුණේ සිංහල බෞද්ධ දේශපාලනය විසින් විවිධ අවස්ථා වලදී දෙමළ ජනතාව රවටවා ඔව්න්ගෙන් ඡන්ද බලය ලබාගෙන ඒ ආණ්ඩු පොහොසත් වූ බව පැවසූ ඇමතිවරිය 1948 වසරේ සිට විවිධ ගිවිසුම් මගින් දකුණේ පාලකයෝ දෙමළ ජනතාව රැවටූ බවද සදහන් කළාය.

බණ්ඩා-සෙල්වා ගිවිසුම,ඩඩ්ලි-සෙල්වා ගිවිසුම ආදී වශයෙන් ගිවිසුම් ගණනාවක් පැමිණ අවසානයේදී එල්.ටී.ටී.ඊ.පාලන සමයේදී එවකට සිටි පාලකයින් අන්තර්වාර පාලන ක්‍රමයක් ලබා දෙන බව කියමින් දෙමළ ජනතාව රවටන ලද අන්දමත් ඇය විස්තර කළාය.

මේ අවස්ථාව වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්,රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් බලයට පත් වූයේ දෙමළ ජනතාව යළි රවටවමින් බව ප්‍රකාශ කළ ඇය දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ බොරු පොරොන්දු වලට රැවටෙමින් සිංහල බෞද්ධයින් පිරිසක් යළිත් මේ රටේ පාලකයින් බවට පත් කළ වගද කියා සිටියාය.

මේ දෙදෙනා බලයට පත් වී වසර හතරක් ගත වීමට ආසන්නව ඇතත් දෙමළ ජනතාව වෙණුවෙන් ඉටුකරණ බවට පොරොන්දු වූ කිසිවක් මෙතෙක් ඉටු නොකළ බව සෂිහරන් අමාත්‍යවරිය කියා සිටියි.

යුද සමයේදී විපතට පත් වූවන්ගෙන් විශාල පිරිසක් තවමත් අනාථ කදවුරුවල සිටින බවත් ඔවුන්ව යළි පදිංචි කරවීමට දෙමළ ජාතික සන්ධානය විසින් පිහිටුවා ගන්නා ලද රජයකට බැරිව තිබියදී හමුදාව තව තවත් උතුරේ ඉඩම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ලබා ගන්නා බවද ඇය සදහන් කරයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණ බවට පොරොන්දු රජය දැන් දෙමළ ජනයාව රවට්ටන්නේ මේ රටේ දෙමළ දේශපාලන සිරකරුවන් යනුවෙන් කිසිදු අයෙකු නොමැති බව කියමින් යැයි පැවසූ අමාත්‍යවරිය තම පක්ෂය මේ අන්දමට නොවිසදුණු සියළු දේට විසදුම් රජයෙන් ලබානොදෙන්නේ නම් ජාත්‍යන්තරය මැදිහත් කරවාගෙන හෝ ඉටු කරණ බව කියා සිටියාය.

නව පක්ෂය පිහිටුවීමේ අවස්ථාවට හින්දු කතෝලික හා ඉස්ලාම් පූජක වරුන් පැමිණ ආශිර්වාද කළ අතර පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම පිණිසද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More