2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් – ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුනේ පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (22) පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ සේනානායකවරුන් සැමරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ බස්නාහිර පළාත් සභාව එක්ව සංවිධානය කර තිබූ සමරු උත්සවයක් අමතමිනි.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
මම මේ කතාව කිව්වේ පොදු අපේකෂකයා විදියට 2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වෙනකොට මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා.
(සභාවේ අත්පොලසන්)
නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුනේ. ‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...