දේශීය පුවත්

ඉන්දියාව සමග අත්සන් කර ඇති ගිවිසුම්වලට අදාළව ප‍්‍රමාද වී ඇති ව්‍යාපෘති කඩිනමින් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව බැඳී සිටින බව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු කියා සිටියේ එම ව්‍යාපෘති අතරට සාම්පූර් බලාගාරය, ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි, මත්තල ගුවන් තොටුපල හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වැනි වැදගත් ව්‍යාපෘති කිහිපයක්ම අයත් බවය.

ව්‍යාපෘති ප‍්‍රමාද වීමට ඒ සම්බන්ධයෙන් එල්ල කරන විරෝධතා ද හේතු වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසුනු අවස්ථාවේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ 2017 වසරේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි ප‍්‍රමාදයක් දක්නට ලැබෙන බවය. ඒ පිළිබඳ තමා කණස්සල්ලට සහ කණගාටුවට පත්වන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබුණි. එලෙස ප‍්‍රමාද වී ඇති ව්‍යාපෘති පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමිනුයි ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම අදහස් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More