ව්‍යාපාරික පුවත්

රුපියල 173 පනී

October 22, 2018 2:15 pm | Lanka Lead News

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 173.38ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 169.49 ක් ලෙස දැක්විණි.

පසුගිය මස 21 වැනිදා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 170 සීමාව ඉක්මවා ගියේය. ඉන් පසුව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙම මාසයේ මේ දක්වා කාලයේදී සියයට 1.66කින් ද සැප්තැම්බර් මාසයේදී සියයට 4.7කින් ද දුර්වල වී ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 10.7කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.4 කින් වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More