නිල කාලය අවසන් වී ඇති පළාත් සභා හයක ඡන්දය පැවැත්වීමේ බලය ලබන 28 වැනිදායින් පසු, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැවරේ. මේ වන විට සබරගමුව, උතුරු මැද, නැඟෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත් සභාවල නිල කාලය අවසන් වී ඇති අතර, උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 28 වැනි ඉරිදා අවසන් වෙයි.
පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතට අනුව, පත්කෙරුණු සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් නියමිත කාලය තුළ විවාද කර, වාර්තාව අනුමත කිරීම මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද වූ අතර, පසුව එම වාර්තාව පාර්ලිමේන්තුව විසින් පරාජයට පත් කරනු ලැබීය.
අනතුරුව, පනතේ විධිවිධානවලට අනුව කථානායකවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල සමාලෝචන කමිටුවක් පත්කරන ලදී.
ඉකුත් අගෝස්තු 28 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි පත්කරන ලද එම සමාලෝචන කමිටු වාර්තාව දෙමසක් තුළ ලබාදිය යුතු වෙයි.
ඒ අනුව සමාලෝචන කමිටුව විසින් වාර්තාව ලබාදිය යුතු කාලයද ලබන 28 වැනි ඉරිදායින් අවසන් වනු ඇත.
පනතේ විධිවිධානවලට අනුව පත් කෙරුණු සමාලෝචන කමිටුව සඳහා ලබාදී ඇති මාස දෙකක කාලය ප්‍රමාණවත් නොවන බව, අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා ප්‍රකාශ කර ඇත.
සමාලෝචන කමිටුව සඳහා මාස දෙකක කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ ප්‍රතිපාදන සලසා නොමැති බැවින්, පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ලබන 28 දායින් පසු ජනාධිපතිවරයා වෙත පැවරෙන බව නීති අංශ පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...