දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරිමට තමා හදවතින්ම කැමති බවත් ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටීමට ඕනෑම වෙලාවක සුදානම් බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

එමෙන්ම 2020 ත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ 2015 මැතිවරණයෙන් ලැබුණු බලය කාලකන්නි විදියට පාවිච්චි කරමින් කැබිනට් ඇමති වරුන් නියෝජ්‍ය ඇමතිවරුන් කරන දුෂණ වංචා කොමිස් ගැහැලි නිසා යහපාලන ආණ්ඩුවේ නමටත් ලැජ්ජාවක් බවයි.

මේ වැරදි කරපු අයට පුලුවන් නම් දඩුවම් දෙන ලෙස අගමැතිවරයාට අභියෝග කරන බව පැවසු ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් රඳවා ගැනිමට වෙනම දිමනා සහ වාහන දිමට සිදුවු බවත් 2020 ජනාධිපතිවන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එහිදි හිස්වන අගමැති පුටුවට රට කරවිය හැකි නායකයෙකු අවශ්‍ය බවත් ඒ සඳහා සුදුස්සා මහින්ද රාජපක්ෂ මහතා බවත් කියා සිටියේය.

කුමාර වෙල්ගම මහතාගේ අදහස තමා අනුමත කරන බවද ඒ මහතාගේ ප්‍රකාශය හරියට හරි බවද මංගල සමරවිර මුදල් ඇමතිවරයාග් මිල සූත්‍රය මේ ආණ්ඩුව ගෙදර යවන එකක් බවද මුතුහෙට්ටිගම මහතා වැඩි දුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More