රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප.ය අතර පවත්නා අර්බුද උග්‍රවීමත් සමඟ ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අතර නැවතත් සාකච්ඡාවක් ආරම්භ කිරීමට දෙපක්ෂයම මේ සතියේ එකඟතාව පළකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
පසුගිය කාලයේ එස්.බී. දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මහින්ද මෛත්‍රී අතර එකඟතාවක් ඇතිකිරීමට කතාබහක් ඇති වුවද අනපේක්ෂිත ලෙස එම කතාබහ අතරමග බිඳ වැටුණි. එනිසා මෙවර සිදුකෙරෙන සාකච්ඡාව කිසිදු දේශපාලන (කපුවකු) ගේ සහාය නොමැතිව ඉහළම නායක මට්ටමින් සිදුකිරීම සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
කිසියම් නිශ්චිත දේශපාලන වැඩසටහනක් හා කාලසටහනක් අනුව මෙවර සාකච්ඡා සිදුකිරීමටද සැලැසුම් කර ඇති බව සඳහන්ය. දෙසතියකින් පමණ මෙම සාකච්ඡාව හමාරකොට තීරණයකට එළැඹීම මූලික යෝජනාව බව වැඩිදුරටත් වාර්තා වෙයි.
– Deshaya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...