දේශීය පුවත්

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට සිය තනතුරුවලින් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද නියෝගයට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වී තිබේ.

නමුත් ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙහි පමණක් අධ්‍යක්ෂ මණ්ඩල පමණක් එම නියෝගයට අනුව මේවන තෙක් කටයුතු කර නැතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගයකින් තොරව, රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල මෙසේ ඉවත් නොවී සිටින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වැනි ව්‍යවස්ථාවේ 2 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි “2 වැනි ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාව යටතේ කරන ලද යම් පත් කිරීමක් හෝ විෂය සහ කාර්ය පැවරීමක් ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද වෙනස් කරනු ලැබිය හැක්කේය“ යනුවෙන් සඳහන් වේ.

රාජ්‍ය බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයාගේ නියෝග පිළිපදින්නේ නැතිව තවදුරටත් තනතුරුවල රැඳි සිටියහොත් එම බැංකු දෙක ජනාධිපතිවරයා යටතට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා කර තිබේ.

මෙම රාජ්‍ය බැංකු දෙක අයත්වන රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ ලංකා බැංකුව හා මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකට වන අධ්‍යක්ෂ මණ්ඩලයක් එළැඹෙන සතිය තුළ තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කරන නම් තමා වෙත දෙන තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

තවමත් එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර නොමැති බවත් ජනාධිපතිවරයා තමාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් තමන් සතු අමාත්‍ය බලතල පාවිච්චි කරමින් මෙම බැංකු දෙකෙහි අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලීමක් කළ බවත් ඇමැතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර පවත්නා නීති විධිවිධානයන්ට අනුව අධ්‍යක්ෂ මණ්ඩල ධූර කාලය අවසන් වී ඇති අදාළ රාජ්‍ය ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල නැවත ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම බැංකු දෙකටම නව සභාපතිවරුන් පත් කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More