ව්‍යාපාරික පුවත්

පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සහාය ලබාදෙන අතරේම දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ​සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සහාය ලබාදෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසයි.

ඉන්දියාවේ සංචාරයකට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා රාජ්නාත් සිං මහතා අතර හමුව ඊයේ (20දා) නවදිල්ලි නුවරදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා පොලීසියේ ජංගම කාර්යයන් වඩාත් විධිමත් කරලීම උදෙසා ජීප් රථ 750 ක් ලබාදීමට ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්‍ෂක සහයෝගීතාව හේතුවෙන් දෙරටටම ප්‍රතිලාභ රැසක් අත්වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ සාමාජිකයන් හා පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් ඉන්දියාවේ පවත්වන පුහුණු පාඨමාලා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More