බේඩින් පවෙල් සාමිවරයා විසින් ඇරඹූ බාලදක්ෂ ව්‍යාපාරයේ සිද්ධාන්තයන් හා අරමුණු එකල ආර්ථීක, සමාජීය හා සංස්කෘතික ගති ලක්ෂණයන් අනුව සැකසී ඇති බැවින් එම අරමුණු ද ආරක්ෂා කරමින් දැනුම සහ තාක්ෂණය මුල්කරගත් නව ලෝකයට ගැළපෙන පරිදි ඒවායේ වෙනස්කම් සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ, මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ පැවති 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට ඊයේ (20) පෙරවරුවේ එක්වෙමිනි.
විභාගය සමත් වූ පමණින් දරුවන්ගේ ජීවිතය සමත්වීම තීරණය කළ නොහැකි බැවින් බාලදක්ෂ ව්‍යාපාරය ජීවිතය සමත්කර ගැනීමේ ප්‍රායෝගික අභියෝගය ජය ගැනීමට මනා පිටිවහලක් සපයන බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.
තමා වයස අවුරුදු 16 ක කාලයේ දී තමා බාල දක්ෂයෙක් ලෙස ගෙයින් ගෙට ගොස් වැඩ කළ බවත්, එක් දිනක දී පුද්ගලයෙකුගෙන් වැඩක් ඉල්ලූ විට වසර ගණනක් සුද්ද නොකර තිබූ කුකුල් කොටුවක් සුද්ද කිරීමට දුන් බව ද පවසා සිටි ජනාධිපතිවරයා, තමා එම රාජකාරිය පැය 4 කටත් වඩා කාලයක් සිදු කළ පසු රුපියල් 2ක් තමාට එම පුද්ගලයා ලබා දුන් බව ද සදහන්කළේ තම පාසැල් ජීවිතයේ මතකයන් සහ අත්දැකීමක්ද ගෙන හැර කද්වමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...