පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති බවත් 27 වැනිදා සිට දින 17 ක් ගත වු පසු මධ්‍යම රාත්‍රීයෙන් නාම යෝජනා කාල සීමාව අවසන් වන බවත් දේශප්‍රිය මහතා කීවේය.
පළාත් පාලන මැතිවරණය ගැන තීන්දුව අද
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (17) දිනයේ මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමෙන් පසුව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලක්බිමට පැවැසීය.
එතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවද ඒ මහතා කීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා පැවැති බාධාව ඉවත් කරමින් පළාත් පාලන ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද සීමා නිර්ණ කමිටු වාර්තාව අඩංගු ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් වී තිබිම සම්බන්ධයෙන් ලක්බිම කළ විමසීමකදී සභාපතිවරයා ඒ බව පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...