දේශීය පුවත්

කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස බලකරමින් ඒ පළාත් මට්ටමින් හා දිස්ති‍්‍රක්ක මට්ටමින් විරෝධතා ව්‍යාපාර හා විරෝධතා රැලි මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් ඇතුළු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

උතුරු මැද, සබරගමුව හා නැෙඟනහිර පළාත් සභා මැතිවරණ කල් දමා වසරකට අධික කාලයක් ගෙවී ඇති අතර වයඹ හා මධ්‍යම පළාත් සභා පසුගියදා විසුරුවා හැරුණු අතර උතුරු පළාත් සභාවේ නිල කාලය මෙම මස 23 වැනිදා අවසන් වීමට නියමිතය.

පළාත් මට්ටමට අමතරව කල් දමා තිබෙන පළාත්වල දිස්ති‍්‍රක් මට්ටමින් මෙම විරෝධතා ව්‍යාපාර හා රැලි පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබේ. පළාත් සභා මැතිවරණය කල් දැමීම පමණක් නොව රටේ හා ජනතාවට මුහුණ දීමට තිබෙන අනෙකුත් ප‍්‍රශ්න පදනම් කරගෙන මෙම විරෝධතා ව්‍යාපාර හා රැලි පැවැත්වේ. පළමු විරෝධතා රැලිය ලබන මස 9 වැනිදා කුරුණෑගලින් ආරම්භ කෙරෙන අතර දෙවැනි හා තෙවැනි විරෝධතා රැලි මහනුවර හා අනුරාධපුර දිස්ති‍්‍රක්කවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More