දේශීය පුවත්

රට දැඩි අරාජික තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට නව ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව උදාකිරීම සඳහා ජනතා පරමාධිපත්‍යයෙන් බලයට පත්වූ රාජ්‍ය නායකයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

රටේ පොදු මහජනතාවගේ පොදු යහපත සහ රටක් අරාජිකවී තිබෙන අවස්ථාවක ඊට මැදිහත්වීමේ අවශ්‍යතාව යන කරුණු දෙක උතුම්ම නීති සිද්ධාන්ත බවත් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේ සිදුකිරීමට උතුම්ම නීති සිද්ධාන්තවලින් හැකි නිසා පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී දෙවැනිව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර තෙවැනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීිමක් කරන බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මෙවැනි අවස්ථාවකදී ජනාධිපතිතුමාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නොපමාව ක්‍රියා කළ යුතුය. පාර්ලිමේන්තුව විසුරුවා හරින විට නව පාර්ලිමේන්තුව රැස්වන දිනය ප්‍රකාශ කිරීමටද ජනාධිපතිතුමාට බලය තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙවැනි තත්ත්වයක් ඇති වී රට අරාජික වූ විට ඊට විසඳුමක් ඉදිරිපත් නොකිරීම ඉතා බරපතළ අඩුවක් බවත්, රාජ්‍ය නායකයා වශයෙන් මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව එම හිඩැස පිරවීමට ජනාධිපතිවරයාට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවත් ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් රට බේරාගැනීමට මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට තිබෙන එකම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීම බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ තමා ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙම ඉල්ලීම් ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More