දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ලංකාවේ ඇමතිවරු සිව් දෙනෙකු බවද ඔවුන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සමග සම්බන්ධකම් ඇතැයිද එම ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉදිරි කාලයේදී හෙලිකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ ඊයේ (20) බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘’පසුගිය දිනවලදී පුවත්පත් වල පල වුනා ජනාධිපතිතුමා ඉන්දියාවට හා චීනයට විරුද්ධව ප්‍රකාශයක් කළා කියලා. මේව සම්පූර්ණයෙන් අසත්‍යයි. ඉන්දියාවේ වාර්තාකාරිනිය කියනවා ඇමතිවරු හතරදෙනෙක් තමයි මේ තොරතුරු දුන්නේ කියලා. අපි දැන් හොයන්න ඕන ඒ ඇමතිවරු කව්ද කියලා. අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය තහවුරුකරගත්තම කියන්නම්. එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි, අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කථා නොකළ දෙයක් ගැන කථාකිරීම බරපතල වැරැද්දක්. ඒ වගේමයි කැබිනට් මණ්ඩලයේ දේවල් පත්තරකාරයින් එක්ක ගණුදෙනු කරනවා නම් ඒකත් බොහොම වැරැද්දක්.”

“අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමතිවරු රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ වෙලා. ඒ වාර්තාකාරයෝ හරහා රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන වාර්තාවත් අපිට ලැබෙමින් පවතිනවා. කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්ක, රට ජාත්‍යන්තරයත් එක්ක තරහ කරන්නේ. එහෙම ක්‍රමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එලවීමේ වගකීම අපේ නායකයින්ට තිබෙනවා. ‘’ යැයිද පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More