ඉන්දියාව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විරසකයක් ඇතිකරමින් කැබිනට් මණ්ඩලයේ සිදු නොවූ කතාබහක් මාධ්‍යයට හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට කියූ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.
කැබිනට් මණ්ඩලයේ සිටින ඇමැතිවරු ලබාදෙන මෙවැනි තොරතුරු මගින් දෙරට අතර ඇති හොඳ හිත පළුදුවන නිසාත් දෙරට අතර ජාත්‍යන්තර වශයෙන් අර්බුදයක් මතුවිය හැකි නිසාත් මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම තොරතුරු ලබාදුන් ඇමැතිවරු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මහින්ද සමරසිංහ ඇමැතිවරයා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්ද කියා සිටියේය. ලබන සතියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් විමසන බවද ඔහු පවසා තිබුණේය.
මේ අතර ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං හමුවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ගේ කැබිනට් මණ්ඩලයේ සිටින ඇමැතිවරු කිහිපදෙනෙක් තමන් නොපැවසූ අසත්‍ය කරුණු මාධ්‍යයට ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව ඉන්දීය මහ කොමසාරිස්වරයාට ජනාධිපතිවරයා දැනුම්දී තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...