දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඔහුගේ උපදේශකයන් දෙදෙනෙක් ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා ඝාතන කිරීමට සැලැස්මක් ඇතැයි අනාවරණය වී මසකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

ජනාධිපති ඝාතන සැලැස්මට සම්බන්ධ බව කියමින් සැප්තැම්බර් 22 වැනිදා මෙරට පොලිසිය ඉන්දීය ජාතිකයකු ද අත්අඩංගුවට ගත්තේය. ශ්‍රී ලංකා සහ ඉන්දියානු මාධ්‍යය ඔහු එම්.තෝමස් යනුවෙන් හැඳින්වූ අතර ඔහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචිකරුවකු යැයි ද වාර්තා කර තිබිණි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ උත්සහායක් තිබුණු බව ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

“ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා” යැයි ජනාධිපති උපදේශකයකු වන ශිරාල් ලක්තිලක මහතා කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

“අදාළ පාර්ශ්ව දැනටමත් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර කර තිබෙනවා. ඇත්තටම ඔහුගේ ආරක්ෂාව මේ වනවිට වැඩි කර තිබෙනවා. අපිට මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අවශ්‍යයි” යැයි ද ලක්තිලක මහතා කීවේය.

ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිබූ සැලසුම පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේ අගදීය. පොලිසියට තොරතුරු ලබාදුන් නාමල් කුමාර නැමැත්තකු ඔහු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අතර වූ දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟ එම තොරතුරු අනාවරණය විය.

එහි දි ජනාධිපති සිරිසේන මහතා ඝාතන තැත සම්බන්ධයෙන් ද කියැවිණි.

මෙම ඝාතන කුමන්ත්‍රණයට වෙනත් පාර්ශ්ව හෝ පුද්ගලයන් හෝ සම්බන්ධදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි ඉන්දියාව අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වීමේ අවාදනමක් ද හටගත්තේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය බුද්ධි අංශය ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි පැවැසු බවට පුවත් වාර්තා වීමත් සමඟ උග්‍ර විය.

කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවැන්නක් ප්‍රකාශ නොකළ බව ඉන්දීය රජය මෙන්ම ශ්‍රී ලංකා රජය ද අවධාරණය කළේය.

කොළඹදීය (රොයිටර්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More