දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් චීනය වෙත ගෙවීමට ඇත්තේ 10%ක ප්‍රමාණයක් පමණක් බව චීනය අවධාරණය කරයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක ‘ලු කන්ග්’ මහතා මේ බව සඳහන් කළේ එරට දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

චීන රජය විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිර කර ඇතැයි පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොළඹ චීන තානාපතිවරයාද සඳහන් කර ඇති බව ඔහු කියා සිටියේය.

ලොව පුරා විවිධ රටවලට ණය ලබාදී චීනය සිය ආධිපත්‍යය ලොව පුරා පතුරුවන්නේ යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේද ‍ආණ්ඩුවේ දේශපාලකයන් කිහිප දෙනකු මෑතදී කියා සිටියේ චීනය විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිරකර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More