පුරවැසි කොලම

ඊයේ ලිපියේත් වෙනත් ලිපිවල වගේ ම වර්ධනය කර ගත හැකි තැන් කිහිපයක් තිබුණා. පළමුවෙන් අර ගීතය මේ ආකාරයෙන් ලියන්න තිබුණා. RAW, RAW, row your boat, Gently down the stream. If you see a crocodile, Don’t forget to scream. මෙයින් කියැවෙන්නේ රෝ ඔත්තු සේවය තියෙනවා (ඉන්නවා), ගඟ පහළට ඔබේ ඔරුව සන්සුන් ව පදින්න කියන එක. මුල් වචන දෙක වෙනත් ආකාරයකට ලිවීමෙන් ඒ අර්ථය ලැබෙනවා. එහෙත් එවිට එය තවදුරත් ළමා ගීයක් වන්නේ නැහැ. ළමයින් රෝ ඔත්තු සේවය ගැන දන්නේ නැහැ. දෙවනුව අර ඔරුව පෙරළන්න මහින්දගේ ශක්තිය දෙන්න කීම ගැන. එය කිව යුතුව තිබුණේ ඔරුවෙන් රනිල් තල්ලු කරන්න මහින්දගේ ශක්තිය දෙන්න කියා. මා මේ වර්ධන ගැන කීවේ අද ලිපියට එයත් යොදා ගැනීමට.

මංගල බොරු මිළ සූත්‍රයක් පෙන්වා සුත්‍රය යනු සූත්තරයක් පමණක් බව පෙන්නුවා. මේ මිළ සූත්තරය අනුව ඕනැම තෙලකට ඕනෑම මිළක් නියම කරන්න පුළුවන්. සූත්‍රයෙහි දකුණු පැත්තේ ඇති විචල්‍යයන් හතර ගණනය කරන්නේ කොහොමද කියන එක කියා නැහැ. බොර තෙල් මිළ වැඩි වෙලා. මංගල පැහැදිලි කළා පෙට්‍රල් මිල වැඩි වූ හැටි. පෙට්‍රල් සඳහා අනෙක් විචල්‍යයන් ද වැඩි වෙලා. මට මතක හැටියට ඇතැම් තෙල් වර්ගයක මිළ වැඩි වුණේ නැහැ. එය සිදු වූයේ කෙසේ ද? බොර තෙල් මිළ වැඩි වෙද්දී අනෙක් විචල්‍යයන් තුනෙන් එකක් හෝ කිහිපයක් හෝ අඩු වුණා ද? ඒ අඩුවීමටත් පෙට්‍රල් සඳහා එ වැඩි වීමටත් හේතුව මොකක් ද? ඒක සූත්තරයක්. ආණ්ඩුවේ සූත්තරයක්. ඇතැම් තෙල් වලට ඒ විචල්‍යයන් අඩු වෙන්නෙත් ඇතැම් තෙල්වලට ඒ වැඩි වෙන්නෙත් කොහොම ද? මේ සූත්තරෙන් ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට හොඳ ප්‍රශ්නයක් හදන්න පුළුවන්. මේ සූත්තරෙ වම් පැත්තෙ තියෙන්නෙ MRP කියලා. ඒකට කියන්න පුළුවන් මංගලගෙ රෙද්ද පල්ලෙන් කියලා.

මංගල විතරක් නොවෙයි සූත්තර පෙන්වන්නෙ. සූත්තර පුංචො හැම තැනම. ඊනියා භාරකාර ආණ්ඩුව ගැන මට හැමදාමත් සැකයක් තිබුණා. එය හදන්න තිබුණෙ බොහොම කලින්. ඉන්දියාව මොනව කරනවා ද කියන එක ගැන කිසිවකු කියන්නේ නැහැ. මෙරට ඉන්න හැම දේශපාලනඥයා ම වගේ ඉන්දියාවට යටයි. මා කලිනුත් කිව්වා ඇතැමුන් හිතාගෙන හිටියට ඉන්දියාව කළමනාකරණයක් තියෙනවා කියා සිදුවන්නේ ඉන්දියාවෙන් අප කළමනාකරණය වීම.

මෛත්‍රිපාල කුමන්ත්‍රණ කතාව හා රෝ ඔත්තු සේවය ගැන කියා තිබෙනවා. ඉන්දියාව අහන්නේ හින්දු පත්‍රයේ මාධ්‍යවේදිනිය කියන දේ මිස එස් බී දිසානායක කියන දේ හරි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කෙරෙන ප්‍රකාශ හරි නො වෙයි. මෛත්‍රිපාල හා ඉන්දියාව අතර විරසකයක් ඇති වී අවසන්. එහි ප්‍රතිඵලය මෛත්‍රිපාලටවත් රටටවත් හොඳ නැහැ. ඒ අප ඉන්දියාවට යට වී ඇති නිසා. කුමන්ත්‍රණ කතාවේ පරීක්‍ෂණ කෙරෙන්නේ අපට ඕනෑවට වගේ. ශිරාල් ලක්තිලක කියා තිබුණා කුමන්ත්‍රණ කතාව ගැන ඔවුන් සිරියස් (ඔහුගේ වචන) බවත් පරික්‍ෂණ යට ගහන්න උත්සාහයක් තියෙන බවත් කියා. ඒත් රනිල් සීරියස් බවක් පේන්නෙ නැහැ. ඉන්දියාව නම් සීරියස්. ඔවුන් පළමු දවසෙම කිවුව අර ඉන්දීය ජාතිකයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියා.

මා එක් ලිපියක සඳහන් කළා ඊනියා භාරකාර ආණ්ඩු කතාවේ වැදගත් වන්නේ මෝදි මහින්ද බැසිල් මෛත්‍රිපාල චතුරාංගිකය කියා. අපේ රටේ වැඩක දී මෝදි වැදගත් වීම ම ප්‍රශ්නයක්. අප කිසිවකුට ඒ ගැන සතුටු වීමට නොහැකි වුවත් සතුටු වන අයත් ඉන්න එක කණගාටුවට කරුණක්. මොනවා වුණත් අද ජනාධිපති මෛත්‍රිපාල. ඊනියා භාරකාර ආණ්ඩුව හදන්න පුළුවන් ඔහුට පමණයි. ඒ තත්වය දෝෂාභියෝගයකින් හරි කුමන්ත්‍රණයකින් හරි ඔහු ඉවත් කරන තෙක් පවතිනවා.

මහින්ද මෝදි හමුවුණා. බැසිල් ඒ සමග ම වගේ ලංකාවට පැමිණියා. ඔහු මෛත්‍රිපාලට ලබා දුන් කොන්දේසි මොනව ද? ඒකාබද්ධ විපක්‍ෂය/පොදුජන පෙරමුණ වෙනුවෙන් මෛත්‍රිපාලට ලබා දුන් කොන්දේසි මොනවා ද? ඒ අර කෝඳුරුතෙල් හත්පට්ටය හා තවත් ටිකක් ද? මා මෛත්‍රිපාල හොඳ යැයි කියනවා නො වෙයි. අනෙක් අය හොඳ ද? රනිල් ඉවත් කිරීමේ දී වඩා හොඳ කවුද? මෛත්‍රිපාල තවමත් වැඩේට බය ද? ඔහුට අද අණක් දෙන්න ඕන. ජනාධිපතිට අණ දෙන්න පුළුවන් භික්‍ෂුන් වහන්සේට. ඒ මෙරට සම්ප්‍රදාය. භික්‍ෂූන් වහන්සේට මොකද වෙලා තියෙන්නෙ. පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්කළාට පස්සෙ මෙරට භික්‍ෂූන් වහන්සේ දුර්වල වෙලා.

රනිල් ඉවත් කිරීම 2019 ජනාධිපතිවරණය සමග පටලවා ගන්න හොඳ නැති බව මා කීප වරක් ම කියා ඇති. බැසිල් ආවේ කුමක් සඳහා ද? රනිල් ඔරුවෙන් ඇද දමන්න ද? මෛත්‍රිපාල ඇද දමන්න ද? ඔරුව රටත් සමග තව පහළට ගිය පසු ඔරුවට ගොඩ වෙන්න ද? බැසිල් පසුගිය දා කියා තිබුණා 2019 ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්න ඕන ඡන්දෙන් කියලා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් හිතනවා වෙන්න ඇති මහින්ද ජනාධිපති අපේක්‍ෂකයා තෝරනවාට වඩා එය ප්‍රජාතන්ත්‍රවාදී කියා. මහින්ද කියන්නෙ යම් පමණකට හරි ජනමතයට කන්දෙන අයෙක්. අපේක්‍ෂකයා තෝරන්න ජනමතයට කන්දෙන අයකු ද හොඳ නැත්නම් පොදුජන පෙරමුණේ මොකක් හරි සභාවක් ද? පොදු ජන පෙරමුණේ තීරණ ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ද? සභාපති ජී එල්ට එහි බලපෑමක් කරන්න බැරි බව කවුරුත් දන්නවා. ඔහු සභාපති මාඕ වගේ නො වෙයි. එහෙත් බැසිල්ට බැරි ද? කවදා හරි දිනේෂ්ට පුළුවන් වේවි ද? වාසුදේවට පුළුවන් වේවි ද? වෙල්ගමට පුළුවන් වේවි ද? ද යන්න ස්ථාන මාරු කරලා ඇහුවොත් කාට ද පුළුවන්, කාට ද බැරි? සිංහල භාෂාවෙ වචනවලට වගේ ම අකුරුවලටත් සන්දරභයක් තියෙනවා. එක අතකට ඒ සමහර අවස්ථාවල අකුරුත් වචන වගේ නිසා වෙන්න පුළුවන්. සිංහල අකුරුත් ඉලක්කම් වගේ, ස්ථානීය අගයක් තියෙනවා. ඉස්සර සිංහලයන් ඉලක්කම් ලියලා තියෙන්නෙ අකුරුවලින්.

අද තියෙන ප්‍රශ්නෙ ඒක නො වෙයි. ඉන්දීය ආධිපත්‍යයට යට නො වී රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්නෙ කොහොම ද කියන එක. ඉන්දියාවෙන් අපට කිසි සෙතක් වෙලා නැහැ. සිදුහත් කුමරු උපන්නෙ නේපාලයේ කියන්නත් බැහැ. එකල නේපාලයක් තිබුණෙ නැහැ. තිබුණෙ කපිලවස්තුව. කොහොමටත් ඉන්දියාවෙ නො වෙයි. ඒ කාලයෙ ඉන්දියාවක් තිබුණෙත් නැහැ. කපිල කියන්නෙ කිඹුලට. කපිලවස්තු යන්න කිඹුල්වත් වෙනවා. කපිල්දේව් කියන්නෙ කිඹුල් දෙවි. මුලින් සඳහන් ළමා ගීතයේ තියෙන්නෙ ගංගාවක කිඹුලන් ගැන. බුදුහාමුදුරුවන්ගෙ කාලෙ රෝ ඔත්තු සේවය තිබුණෙ නැහැ.

අප ඉන්දියාවට බය වෙන්න වෙන්න ඉන්දියාව අප යටත් කර ගන්නවා. වඳින්න වඳින්න ගහන එකත් ගහන්න ගහන්න වඳින එකත් මතක් වෙනවා.

– නලින් ද සිල්වා



2 thoughts on “ඉන්දියාවේ සූත්තර හා වෙනත් සූත්තර”

  1. ජාතියේ පවට උපන් තවත් එක කාලකණ්ණි අවජාතක wesa බල්ලෙක්. මහින්දගේ බලය කාලය තුළදී මූ හොයපු සල්ලි වලින් අමෙරිකාව වගේ රටක් මිලයට ගැනීමට muge ළඟ හොරකම් කරපු සල්ලි ඇත. අද ? සුජීව ට මෙන් එදා mr 10% කීවේ මොහුට ය. කාලකණ්ණි අවජාතක wesa බල්ල ගෙ වලටත් හෙන gahapiya යන්න සිතෙන්නේ මට vitharada

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More