මහජන බැංකුව , ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
එම රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බවට පසුගිය (17) ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළද මේ වන තුරු සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්වීමක් හෝ ඉල්ලා අස්වීමක් හෝ සිදු නොවූ බව වාර්තා වේ.
මහජන බැංකුව සහ ලංකා බැංකුව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට අයත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයට අයත්වන අතර ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය අයත්වන්නේ සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයටය.
එම ආයතන වලට සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කර ඇත්තේ එම විශයභාර ඇමතිවරුන් වන අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා හෝ මලික් සමරවික්‍රම ඇමතිවරයා හෝ සභාපතිවරුන්ට හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක් අද වන විටත් නොතිබු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...