ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය රහස් ඔත්තු සේවය හරහා ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවස්ථාව දෙන ලෙස ඉන්දීය රජයේ ආරක්ෂක ප්‍රධානීහු ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය රජයේ ආරක්ෂක ප්‍රධානීහු මෙම ඉල්ලීම අග්‍රාමාත්‍ය කාර්යාලයටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් පෙරේදා (17) රාත්‍රිය වන විට නිල වශයෙන් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානය යොමු කර තිබෙන හෙයින් එරට ආරක්ෂක ප්‍රධානින්ගේ ඉල්ලීම අනුව ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරවාරයේදී ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සාකච්ඡා කිරීමට ප්‍රමුඛස්ථානයක් දීමට සිදුවනු ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචිමාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...