මුහුණු පොතෙන්

මේ ලොවෙහි මනුස්සකම තවමත් විනාශ වී නොමැති බව, ඒ මනුස්සකම මේ මහ පොලොවේ පැල කරන්නට, පැල කල මනුස්සකමට වතුර දමන්නට පෝෂණය කරන්නට දිවි හිමියෙන් කැප වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මනුස්සකම පිරි මිනිසුන් තවමත් මගේ මේ සුන්දර දිවයිනේ ජීවත් වන බවට මගේ හදවතට බරින් දැණුනු පළමු අවස්ථාවයි මේ.

දැනට මාසයකට පමණ පෙර, මුහුණු පොතේ සුන්දර මිනිසෙකු පොස්ට් එකක් දානවා…ඒකේ තියෙන්නේ “මුහුණු පොතින් එළියට ඇවිත් වැඩක් කරන්න කැමති අය ලයික් එකක් දාන්න” කියලා. මා ඔහුව හඳුන ගන්නේ පැලයක් අරන් දේශන වලට යන, පැලයක් අරන් දේශන වල කතා කරන සුන්දර පරිසර වේදියෙක් විදියටයි. ඉතින් මාත් දෙපාරක් හිත්නනේ නෑ.. මම හිතනවා අනිවාර්යෙන් මේක පරිසරය සම්බන්ද වැඩක් වෙන්න ඕන කියලා ලයික් එකක් දානවා.

ඔහොම ටිකක් දවස් ගිහිං ඔහු කියනවා මේ මුහුණු පොතෙන් එළියේ වැඩේ ගැන කතා කරන්න කොළඹට එන්න පුලුවන් අය කමෙන්ට් කරන්න කියලා.. නියමිත දිනයේ දඹුල්ලේ ඉඳලා මට යන්න බැරි වෙනවා. ඒත් මම පොරොන්දු වෙනවා අදාල “වැඩේදී” අනිවාර්යෙන් එකතු වෙන බවට. ඒ ආපු කණ්ඩායමත් එක්ක ඔහු කතා කරනවා මම කොහොමටවත් නොහිතපු කාරණාවක් ගැන. ඒක හරි අමුතු කතාවක්.. ඒ දැනට අවුරුද්දකට කලින් බදුල්ල කොළඹ බස් එකක් බෙරගල කන්දෙදි තිරිංග ක්‍රියා නොකිරීම නිසා තම ජීවිතය ගැන නොහිතා බස් එක ගල් පර්වතයක හප්පා මගීන්ගේ ජීවිත විසි ගණනක් ⁣බේරාගත් කීර්ති බණ්ඩාර නම් වුන රියැදුරු මහතෙකුට උපහාර උළෙලක් පැවැත්වීම ගැනයි… එක පාරට ඒක මහා ලොකු වැඩක් විදියට මට පෙනුනේ නෑ..

හැබැයි මට දවසින් දවස මේ කීර්ති බණ්ඩාර රියැදුරු මහතා ගැන කියවන්න ලැබෙනවා. ඡායාරෑප දකිනවා. වීඩියෝ දකිනවා…. මට දෙලොව රත් වෙනවා.. මෙහෙම මනුස්සයෝ ඉන්න පුලුවන්ද…? තමන් මරණය තෝරගෙන මගීන්ට ජීවිතය ලබා දෙන…? තමන්ගේ දරුවෝ මතක් වෙද්දී බස් එකේ ඉන්න දරුවොත් තමන්ගේ දරුවෝ කියලා හිතන්න පුලුවන් මිනිහෙක්…..? “බස් එකේ ⁣බ්‍රේක් නෑ.. හැමෝම පස්සට ගිහිල්ලා බේරෙන්න” කියලා කියනකොට කීර්ති බණ්ඩාර දැනන් ඉන්නවා ඉස්සරහ ඉන්න තමා මේ අනතුරින් පස්සේ බේරෙන්නේ නෑ කියලා… මේ මහා පුදුම මනුස්සයෙක්නේ..එහෙම මිනිස්සු ඉන්න පුලුවන්ද..? එහෙම මිනිස්සුන්ට රටක් විදියට අපි සලකන්නේ මෙහෙමද..? මටම මහා වේදනාවක් පසු තැවීමක් දැනුනා..

මට තේරුනා මේ තෝරා ගැනීම සියයට පන්සියයක් හරි කියලා..ඉතින් මමත් මේ වැඩේ වෙනුවෙන් මගේ උපරිම දායකත්වය දෙන්න තීරණය කරනවා.. ඒ කොළඹට එකතු වුනු කණ්ඩායම එකතු වෙලා කීර්ති බණ්ඩාර විරු ජන පදනම නමින් සංවිධානගත වෙනවා.. කීර්ති බණ්ඩාර විරුජන සම්මානය නමින් ඔහුගේ වීරත්වයට ඔහුගේ මනුසත් කමට උපහාර පුදන්න සංවිධානගත වෙනවා.. බැංකු ගිණුමක් විවෘත වෙනවා.. දෙස් විදෙස් බොහෝ දෙනෙකු මේ වැඩෙත් එක්ක දවසින් දවස එකතු වෙනවා මම මුහුණු පොතින් දකිනවා..මගේ කතාවේ කතා නායකයා.. අර මම කීව සුන්දර පරිසර වේදියා අර කොළඹට ආපු කණ්ඩායමත් එක්ක මේ හැම කෙනෙකු හා සම්බන්ධතාව පවත්වමින් මේ අසිරු බැරෑරුම් කටයුත්ත පුදුම උවමනාවකින් කරනවා මම හැමදාම මූණු පොතේ දිනපතා දකිනවා..ඒ විරුජන සම්මානය තුළින් මතුකරන්න උත්සාහ කරන ඔසවා තබන්න උත්සාහ දරණ, මේ මහ පොලොවේ පැල කරන්න වෙර දරණ මහා උතුම් සංකල්පයක් තිබ්බා.

ඒක තමයි..,,, අපි හැමෝම මොකක් හරි රස්සාවක් කරනවා.. රාජ කාරියක් කරනවා..ඒ අපේ රස්සාවේ රාජකාරියේ සීමාවෙන් එහා ගිය යුතුකමක් මනුස්සකමක් අපි හැමෝටම තියෙනවා.. ඒක අපි අමතක කරලා තියෙන්නේ.. අපි ඉන්නේ අපේ රාජකාරි සීමාවේ විතරයි..එතනින් එහාට ඒක මගේ වැඩක් නෙවෙයි කියලා, ඒක මට අදාල නෑ කියලා බේරෙන එකයි අපි කරන්නේ…ඒත් කීර්ති බණ්ඩාරත් එහෙම හිතුවනං….? ඔහුටත් බසයෙන් පැනලා බේරෙන්න තිබ්බා. අතක් පයක් කැඩිලා හරි බේරෙයි. ඒත් කීර්ති බණ්ඩාර ⁣එහෙම කලේ නෑ.. ඔහුගේ යුතුකම ඔහු ඉටු කලා. ඔහුගේ දෑතේ තිබුනු ජීවිත සියල්ල ඔහු ආරක්ෂා කලා.. ඔහු මරණය තෝරාගත්තා.. ඒකයි කීර්ති බණ්ඩාර වීරයෙක් වෙන්නේ.. ඒකයි ඒ සංකල්පය වෙනුවෙන් පරමාදර්ශී චරිතය බවට කීර්ති බණ්ඩාර පත් වෙන්නේ..

මටත් හිතුනා මේ වැඩේදි මට කරන්න පුලුවන් පැත්තකින් උදව් කරන්න ඕන කියලා.. හැකි පමණින් මූල්‍ය දායකත්වයක් ලබා දෙන ගමන්ම මම මුලින්ම කවියක් ලියනවා.. කීර්ති බණ්ඩාර නම්වූ මානවවාදී විරුවාගේ ලේ පැල්ලම සහිත කවිය මම මුහුණුපොතට මුදා හැරියාම ඒක බොහෝ දෙනෙක් ආදරයෙන් බෙදාගන්නවා මම දැක්කා.. මට හරිම සතුටුයි.. ඒ කවියම හඬ සහ සංගීතය මුසු කරලා ආරාධනාවක් බවට පත් කරලා..වසර පහකින් විතර පින්සලක් අල්ලලා නොතිබ්බ මම මේ කීර්ති බණ්ඩාර විරුවාගේ සිදුවීම ඔහුට ගෞරවයක් සේ සලකා සිතුවම් ගත කරනවා.එයද මුහුණුපොතේ මහා ඉහලින් බෙදා හදා ගන්නවා දැක්කාම මටත් ලොකු සතුටක් ආඩම්බරයක් දැනුනා.. මමත් කීර්ති බණ්ඩාර විරුවා වෙනුවෙන් යුතුකම් ඉටුකරනවා වගේ හැඟීමක් ඒ සතුට ඇතුලේ තිබ්බා..

ඊට පස්සේ හරියටම විරුජන සම්මාන දිනය.. ඔක්තෝබර් 13…මමත් උදේම දඹුල්ලේ ඉඳලා කොළඹට පිටත් වෙනවා.. කවදාවත් මූණට හම්බවෙලා නැති නමුත් මහා පොහොසත් මනුස්සකම පිරි මිනිස්සු ටිකක් එක්ක කීර්ති බණ්ඩාර නම් වූ මානවවාදී විරුවාට උපහාර පිදීමේ අරමුණින්..

පළමු වරට මා මුහුණුපොතින් පමණක් දැන අඳුණගෙන හිටි ඒ පරිසර වේදියා, සුන්දර මිනිසා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හමුවෙනවා..ඒක හරිම සුන්දර අවස්ථාවක් ඒ උනුසුම් පිළිගැනීමෙන් පස්සේ තවත් බොහෝ සුන්දර මිනිසුන් ගොඩක් මුණ ගැහෙනවා. උත්සවය ආරම්බ වෙනවා. ඒ උතුම් කීර්ති බණ්ඩාර විරුවාණන් වෙනුවෙන් ඔහුගේ බිරිඳටත් දුවටත් පුතාටත් ගෞරව සම්මාන, ශිෂ්‍යත්ව පුදනවා. රට වටා සිටි ලෝකය පුරා සිටි මානවවාදී මනුසත් කම පිරුනු හදවත් ඇති මිනිසුන් මේ වෙනුවෙන් බොහෝ දායකත්වයන් දක්වලා තිබුනා.. කීර්ති බණ්ඩාරයන් වෙනුවෙන්ම ගීතයක් ලියවිලා. හරිම අභිමානවත් ගීතයක්.ඒ සියල්ල අංග සම්පූරණයි.. කිසි අඩුවක් නෑ.

අවසානයේ.. මටත් ලැබුනා අවස්ථාවක් මේ මහා කටයුත්තේ ඒ මහා පොහොසත් සිතුවිල්ල ඇති වූ, මම අර මුලින් කීව සුන්දර පරිසරවේදියා මනුසත් කම පිරි මනුසත් කම මහ පොලොවේ පැල කරන්නට වෙර දරණ අපූර්ව මිනිසා වෙනුවෙන් උපහාරයක් පුදන්නට,, ඔහු වෙනුවෙන් වචනයක් කතා කරන්නට..ඇත්තටම ඒ සුන්දර මිනිසා තමයි මේ.. උදයා දේවා මුල්ල.. ඔහු.. මේ මහා පොලොවට මහා මෙරක් මහා වාසනාවක් කියලයි මටනම් හිතෙන්නේ. මම ප්‍රාර්ථනා කරන්නේ මේ මනුස්සකම මේ මහ පොලොවේ හැම තැනකම පැල වේවා කියායි…!

Wasantha K Rajamanthree

මනුසත් කමේ රන් අස්වනු නෙලන දිනය අදයි..කීර්ති බණ්ඩාර නම් වූ විරුවාට ඒ මහා යුතුකම ඉටුකිරීමසජීව විකාශය පදනම් ආයතනයේ සිට

Gepostet von Nimal chandana am Samstag, 13. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More