දේශීය පුවත්

ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථාව දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවට සැකසූ ව්‍යවස්ථාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පවසයි.

එය පරාජය කිරීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු බවද හෙතෙම කීවේය.

ජාතික ඒකාබද්ධ කමිටුව විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ආයතනයේ පෙරේදා (17දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝහර ද සිල්වා මේ බව කියා සිටියේය.
එහිදී මනෝහර ද සිල්වා මහතා මෙසේද පැවැසීය.

මෙතෙක් කල් ඒකීය ශ්‍රී ලංකාවක් කියන වචනය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව කෙටුම්පතේ් ඔරුමිත්තනාඩු කියන වචනය යොදලා තියෙනවා. මෙය දෙමළ පරිවර්තනයට පමණක් නොවේ සිංහල පරිවර්තනයටත් යොදන්න යනවා. ඒකෙන් කියන්නේ ෆෙඩරල් යන තේරුම. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී ඩග්ලස් දේවානන්ද මන්ත්‍රිවරයා පවා මෙයට විරුද්ධ වෙලා තියෙනවා සිංහල ජනතාව සහ දෙමළ ජනතාව නොමඟ යවන්න එපා කියලා.

‘ඔරුමිත්තනාඩු’ කියන මේ අලුත් වචනය මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ නෑ. ඒකීය රාජ්‍ය යන ලේබලය යොදලයි මේ අර්ථ නිරූපණය කරලා තියෙන්නේ. ආණ්ඩුව මේ කරලා තියෙන්නේ ඒකීය රාජ්‍ය කියන අර්ථය සම්පූර්ණ නොමඟ යැවීමක්. මෙම ව්‍යාජ ව්‍යවස්ථාවක් නිර්වචනය කිරීමට දරන උත්සාහය ජාතික ඒකාබද්ධ කමිටුව හෙළා දකිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More