දේශීය පුවත්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද(18) ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරනු ලැබීය.

අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මිල සූත්‍රය සකස් කෙරෙන ආකාරය පැහැදිලි කළේය.

සෑම මසකම 10 වැනිදා මිල සූත්‍රය අනුව වෙළඳපලේ ඉන්ධන මිල සංශෝධනය වීම සිදුවන අතර ප්‍රධාන දර්ශක 4ක් සැලකිල්ලට ගනිමින් උපරිම සිල්ලර මිල තීරණය කෙරෙන බව මංගල සමරවීර මහතා ඒහිදී කියා සිටියේය.

වරායේ ගොඩබාන පිරිවැය, සැකසීමේ පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය යන කරුණු 4 පදනම් කරගනිමින් මිල සූත්‍රය සකස් කෙරෙන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ දිනවල ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 5කින් පමණ පහත බැස ඇති අතර මෙම ප්‍රවණතාව ඉදිරියටත් පැවතුණහොත් මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල අඩුවීමේ හැකියාව පවතින බව අද පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

ඉන්ධන මිල සුත්‍රය පදනම් කර ගන්නා ආකාරය පහතින් දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More