තමා බන්ධනාගාර ගතව සිටින කාලය තුළ දී තමා සමඟ සිටි අනෙක් නිලධාරීන් දෙදෙනාව බන්ධනාගරයේ සිටින සියලුම සිරකරුවන් ඉදිරියේ නිරුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ (18) කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
බන්ධනාගරය තුළ සිටින කාලය තුළ දී විවිධ කරදර සඳහා මුහුණ දීමට සිදුවූ බව මන්ත්‍රීවරයා සඳහන් කරන අතර එය ආණ්ඩුවේ අවශ්‍යතාවය මත සිදුවූ බව පෙන්වා දෙයි.
අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල මැතිනිය විසින් කොළඹින් එවන ලද පිරික් විසින් මෙය සිදු කළ බව ඔහු ප්‍රකාශ කළේය.
නිරුවත් කළ නිලධාරීන් අතර 2006 වසරේ සිට සතොස ආයතනයේ සේවය කළ හිටපු සභාපතිවරයා සහ මන්ත්‍රීවරයාගේ ලේකම්වරයෙක්ද සිටි බවත් ඔවුන්ගේ මානව හිමිකම් පවා උල්ලන්ඝනය කරමින් සිරකරුවන් ඉදිරියේ ඔවුන් දෙදෙනා නිරුවත් කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...