ජනාධිපති, හිටපු ජනාධිපති,හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්ව චෝදනාවක් එල්ල වූයේ පොලිස්පතිවරයාට හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී ඩී. අයි. ජී. නාලක සිල්වාට යන අයටය.
චෝදනාවට ලක්ව ඇති නාලක සිල්වා උසාවිය ඉදිරියේ පෙනී සිට ඇත. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතාගේ කිට්ටුවන්ත හිතෛෂියකු වන නීතිඥ අජිත් පතිරණය.
මෙම නීතිඥවරයා එක්සත් ජාතික පක්ෂයේ බොරැල්ල ආසන සංවිධායකවරයා වසශයෙන් කටයුතු කළ අයෙකි.
ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසා සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සැක පහළ වී ඇත්තේ තමා ඝාතනයය කිරීම්ට සැලසුම් කරා යැයි සැකපිට උසාවියට ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ආසන සංවිධායක වරයෙකු වන නීතිඥ අජිත් පතිරණ සම්බන්ධ වුයේ කෙසේද යන්නයි.
.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...