දේශීය පුවත්

මෙරට තුල වැඩිපුරම ආහාර නාස්තියක් සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තුව තුෙළ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා උත්සව සභාවක් අමතමින් සදහන් කරන ලදි.

ඊට දෙදිනකට පසු එනම් අද(18) කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් එම ප්‍රකාශය පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

එම ප්‍රවෘත්ති නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තුව තුල ආහාරපාන සැපයිමේ දී උපරිම අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව වත්මන් කථානායකතුමන් ස්වකීය ධූරයට පත් වූ විගසින්ම අවධානය යොමු කර අවශ්‍ය පියවර ගනු ලැබිනි.

මෙම පියවර හේතුවෙන් ඒ වනවිට පැවැති වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට ද හැකි විය.

කෙසේ වෙතත්, පසුගිය දිනක ගරු ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළිබඳව දක්වා ඇති අදහස් සැලකිල්ලට ගෙන යලිත් වරක් පාර්ලිමේන්තුවේ ආහාරපාන සැපයීමේ ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක් කිරීමට ගරු කථානායකතුමන් අදාල නිළධාරීන්ට උපදෙස් දී ඇත.

– කථානායක මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More