මුහුණු පොතෙන්

රටේ ව්‍යවස්ථානුකූලව මරණ සහතිකයක් නැති මරණයක් අතුරැදහන් වූවන්ට අයත්.

යුද්ධයෙන් සිවිල් වැසියන් කුමන පාර්ශවයකින් හෝ ඝාතනය වීමක් /අවි ගැටුමකට මැදි වීමක්/ ඉලක්කයක් වෙලා තිබෙනනවනම් එය ලේඛණ ගත වෙලා මරණයට හේතුව සදහන් කරලා සහතිකය ලැබෙනවා. ඒ මරණ කිසිදාක අතුරැදහන් වූවන්ට අයත් වන්නේ නෑ.

එහෙනම් අපි අතුරැදහන් වූවන්ට වන්දිගෙවීමේ කාර්යාල පණතෙන් ආවරණය වන්නේ කවුද?

LTTE යට බැදී සටන් තුළ මියගිය තමන්ගේ දරැවන් සංවිධානයේ සිටිය බවට සගවා ගෙන සිටි පිරිස මෙයට අයත් වෙනවා.

ඒ අතර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර පිරිස්..

කළු කොටි බෝට්ටු ප්‍රහාරඑල්ල කිරීමට පැමිණ මිය ගිය පුද්ගලයන්..

මුලතිව් කිලිනොච්චි අලිමංකඩ වැනි දැවැන්ත හමුදා සංකීර්ණ වලට ප්‍රහාර එල්ල කිරීමේදී හමුදා ප්‍රතිප්‍රහාර වලින් මිය ගිය වුන්.

හමුදා කාලතුවක්කු ඉලක්ක වූ ත්‍රස්තවාදී බංකර කදවුරැ ආදියේ මිය ගිය වුන්.

බොහෝවිට අතුරැදහන් ලේඛණ වල ඇතුලත් කරලා තියෙන්න පුළුවන්.

අතුරැදහන් වූවන් කියලා අපේ බදු මුදලින් වන්දි ගෙවීම් කරනවනම් ඒ කරන්නේ ඉහත කාංඩගතවූ කොටසට මිසක් රටෙි යුද්ධය නිසා අතුරැදහන් වූ සිවිල් ජනයා කියන ලේබලයට නෙවේ.

එහෙම බැලුවොත් අදටත් 88/89 අතුරැදහන් කල පුද්ගලයන් මරණ සහතිකයක් වත් නැතුව දකුණේත් ඉන්නවා.

නිවරදිව ගත්තොත් 88/89 අයත් වෙන්නේත් යුද්ධයේම අතුරැ ප්‍රතිපලයක් විදිහට.

ඒත් කවදාවත් දකුණේ ආයුධ සන්නද්ධ අරගලයේ අදටත් මරණ සහතිකයක් නැති අතුරැදහන් ලේඛණයකට වන්දි ලැබෙන්නේ නෑ.

එහෙමනම් මේ කාර්යාල පණත අතුරැදහන් වූවන්ට වන්දි ගෙවීමේ පණත කියලා නම් කරන්නේ බොරැවට ජනතාවගෙන් එල්ල වන විරෝධයට පිළියමට.

ඒක මියගිය කොටි සංවිධාන සාමාජිකයන්ට වන්දි ගෙවීමේ කාර්යාල පණත කියලා නම් කරන්න බැරි කමට අතුරැදහන් වූවන්ට වන්දි ගෙවීමේ කාර්යාල පණත ලෙස නම් කරලා ⁣තියනවා.

අතුරැදහන් වූවන් ලෙස ගන්නවනමි ඒක පොදුවේ මුළු රටේම ආවරණයට ගන්නවනම් අදටත් මරණ සහතිකයක් නැති දකුණේ කොටස අත ඇරෙන්න විදිහක් නෑ.

අපට කියන්න තියෙන්නේ 62 ලක්ෂයක වෙනසක් පැතූ ජනතාවගෙන් රටට ආදරය ඇති කොටස මේවාට ඊලග ජන්දයක ආපසු හරී ගමනක් යන්න මේවා යොදා ගනී කියන එක විතරයි.

නුවන් මොණරවිල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More