පසුගිය 17 වන දින ආරක්ෂක අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වූයේ ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධවය.
මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ රාජ්‍ය නායකයා කවුරු උනත් ඔහුව ඝාතනය කරන්නත්, හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම්, ඝාතනය කරන්න පොලිසිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හරහා සැළසුම් කර තිබූ බවට තොරතුරු හෙළිදරව් වූ බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ”කුමාර කියන්නේ පොලිස් ඔත්තුකරුවෙක් බව හෙළි වුණා. ඩී.අයි.ජී. නාලක සිල්වා පොලිස්පතිවරයා දැනුවත්ව මෙම ඝාතන සැලසුම් කළ බවත් හෙළිවුණා.
මහනුවර සිංහල මුස්ලිම් ගැටුම් ඇති කරන්න දෙමළ ඩයස්පෝරාවේ සල්ලි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එනවා. ඒ සල්ලි වලින් තමයි මේ නුවර ගැටුම් නිර්මාණය කළේ කියලා සියල්ල අනාවරණය වෙලා තියෙනවා. මේ චෝදනාවට ලක්වූවන් අත්අඩංගුවට ගන්නේ නැහැ. අධිකරණයට ඉදිරිපත් කරන බවක් අපට පේන්නේ නැහැ. ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා.”
මෙහිදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා සඳහන් කළේ ”මෙහෙම ඝාතන කුමන්ත්‍රණයක් සිදු වෙලා තියෙන පරීක්ෂණ පවත්වන්නේ මේ තරම් සරල විදියට නම් ජනාධිපතිතුමනි, මටත් හිතෙනවා නිකන් ඉන්න ගමන් ඔබතුමාව ඝාතනය කරන්න එහෙම කුමන්ත්‍රණයක් කරන්න.”
මට පුදුමයි මෙහෙම කුමන්ත්‍රණයක් වෙලත් ඇයි පරීක්ෂණ නිසියාකාරව ක්‍රියාත්මක නොවෙන්න කියලා. 62 කුමන්ත්‍රණය වෙලාවෙදි දේශපාලන නායකත්වය යටතේ තමයි පරීක්ෂණ සිදු වුණේ. මේක මෙහෙම වෙන එක මට නම් පුදුමයක් බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...