ඊයේ (17) වන දින පැවති කැබිනට් මණ්ඩලයේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රජයේ භාරයේ තබාගෙන සංවර්ධනය කිරීමේ පත්‍රිකාවක් වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කළේය.
එම අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පිටු තුනකින් සමන්විත යෝජනාවක් ගෙන එනු ලැබුවා . එම යෝජනාවේ සඳහන් වූයේ මෙම පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට ලබාදිය යුතු බවත් ඉන්දියාව හරහා සංවර්ධනය කළ යුතු බවය.
එම අවස්ථාවේදී අගමැති වික්‍රමසිංහ සහ එජාප අමාත්‍යවරු පෙනී සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහාය. නමුත් ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර සිටියේ මෙහෙම ගියොත් රටට එකම වරායක් වත් ඉතිරි වෙන එකක් නැති බවය. එසේ පවසමින් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී.
එම කැබිනට් හමුව අවසන් වීමෙන් අනතුරුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියන් හින්දු පුවත්පතේ කර්තෘ අමතා සඳහන් කළේ ජනාධිපති සිරිසේන යෝජනාවට විරුද්ධ නිසා ඉන්දියාවට වරාය පර්යන්තය ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමට නොහැකි වූ බවයි. එමෙන්ම තමාන් ඝාතනය කිරීමේ සැලසුමක් රෝ සංවිධානය මගින් දියත් කර ඇති බවත් ජනපති සිරිසේන පැවසූ බව හින්දු පුවත්පතේ කතෘට වාර්තා කළේය.
ඒ අනුව හින්දු පුවත්පත විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හා ජපානයට ලබා දීමට විරුද්ධ බවත් තමන් ඝාතනයට රෝ සංවිධානය සැලසුම් කර ඇතිි බවට ජනපතිවරයා විසින් පවසා ඇති බවට වාර්තා කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...