කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන නිසා කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටීමත් ලැජ්ජාවක් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කැබිනට් මණ්ඩලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ සිදුකළ බවට සිදු වූ ප්‍රචාරය අසත්‍ය බවත්, එහෙත් හින්දු පුවත්පතේ ලිපියට අනුව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදාළ මාධ්‍ය‘වේදියාට තොරතුරු ලබාදුන් බවට සඳහන් කර තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හොඳ සම්බන්ධතාවයක් තිබෙන අතර, මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිර්මාණය කිරීම රටට හොඳ නැති බවත් මහින්ද සමරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...