රුපියල් මිලියන 13 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හයිබ්‍රිඩ් සුද්දා හෙවත් සමීර රංසාග ගුණසේකර නමැත්තා පාදුක්ක අංගම්පිටිය නැටිඔළුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ මෙහෙයුමකදීයි.
ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 100කි.
මීට අමතරව රුපියල් 750000 ක මුදලක් හා මොටර් රථ දෙකක් ද සැකකරු සතුව තීබි සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 37 හැවිරිදි ඔහු පාදුක්ක නැටිඔළුව ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන මෙම ජාවාරම මෙහෙයවා තිබේ.
පසුගිය මහ මැතිවරණ සමයේදී කොළඹ මහල් නිවාස සංකිර්ණයක් අසල හයිබ්‍රිඩ් මොටර් රථයකින් පැමිණ පුද්ගලයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේදි ආදාළ මොටර් රථය පැදවූ පුද්ගලයා මොහු වන අතර දැනට මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු බව ද පොලීසිය පැවසී ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...