2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතා මුලින්ම ආරාධනා කළේ තමන්ට බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ (17) පැවති කැබිනට් මණ්ඩල තීරන දැනුම් දීමේ මාද්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
නමුත් තමන් එම අවස්ථාව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් බවද ඔහු සදහන් කරයි.
‘සමහර එවුන් ඉදගෙන මේව කනව. මෛත‍්‍රීපාල සිරිසේන තනියෙන් දිනුවෙ නෑ.රනිල් වික්‍රමසිංහ තනියම දිනුවෙත් නෑ අද සමහර උන්ට මේව අමතක වෙලා’ මේ සමගිය කඩන ඔක්කොම ද්‍රෝහීන්. ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ, තාජුඩීන් මරාපු, පැහැරගත් ඔක්කොම අපි එල්ලුම්ගස් යවනව, මොන රණවිරුව වුනත් අපිට ප්‍රශ්නයක් නෑ ඔවුන් නිසා තමයි අපිට ඡන්දෙ ලැබුණෙ. යයිද අමාත්‍යවරයා මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...