ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා කවුද කියලා, නම් කරන්නේ කවුද කියලා තෝරන්න මට බලය දීලා එක් එක් අය තැන් තැන්වල ඒ ගැන කතා කරලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. එක්කෝ ඒක ඔයාලම කරන්න. නැත්නම් මට කරන්න ඉඩ දීලා ඒ ගැන කතා නොකර කට පියාන ඉන්න. මම වෙලාව ආවම කවුද අපේ ජනාධිපති අපේක්ෂකයා කියලා කියන්නම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 16 දා රාත්‍රියේ සිය නිල නිවසේ පැවැති ඒකාබද්ධ පක්ෂ නායක හමුවේදී සඳහන් කර ඇත. මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා හැර ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සෙසු මන්ත්‍රීවරු සහභාගි වී සිටියහ.
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා කවුද කියලා අනාවැකි නොකියා ඉන්න අපි අතර එකඟතාවක් තිබුණා. නමුත් ආයෙත් ඒ එකඟතාව අපේ අයට අමතක වෙලා. ඒක ගැන කතා කරලා අපේ විරුද්ධවාදීන් අතට ආයුධ දුන්නාම ඔවුන් ඒකෙන්ම අපිට ගහනවා. ඔය කතා කරන දේවල් නවත්වන්න. මේ වෙලාවේ ඊටත් වඩා දේවල් අපිට කතා කරලා කරන්න තියෙනවා.
මේ ආණ්ඩුව පළාත් සභා ඡන්දයත් කල් දාන්න හදන්නේ. දැනටමත් කල් දාලා. මේකට විරුද්ධව අපි ජනතාව අවදි කරන්න ඕනේ යැයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත. මේ අනුව නිල කාලය අවසන්ව ඇති පළාත් සභා බල ප්‍රදේශවල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමටත් එහි සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර සකස් කර ගැනීමටත් තීන්දු විය.
මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් කීපදෙනෙක්ද මෙහිදී අදහස් දක්වා ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...