ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශීලීභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ඉන්ද්‍රීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකථනයෙන් අද (17) පස්වරුවේ පවසා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් වූ බවත් එහිදී නරේන්ද්‍ර මෝදි මහතා මෙම අදහස් පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙහිදී නායකයන් ඉතා සුහදශීලීව කතා බහක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ දැනට සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශීලීභාවය තවතවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බවද නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සඳහන් කළ අතර, අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමග වඩා මිත්‍රශීලී සහ සමීප සබඳතාවයන් ගොඩනගා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද සතුට පළ කළේය.
සමීප මිතුරකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඇගයීමට ලක් කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...