දේශීය පුවත්

ජනාධිපති, හිටපු ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාපොච්චාරණයක් සිදු කළ ඉන්දීය ජාතිකයා මානසික රෝගියකු බවට නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඔහුගේ ප‍්‍රකාශවල වලංගුභාවය නැති කර දැමුව ද එ් තැනැත්තා රාජේන්ද්‍ර කුමාර් යන නම ද ‘ආර්. බී. 317217/ වී. ජේ.’ යන අංක දරන රෝ ඔත්තු සේවා හැඳුනුම්පත හිමි, රෝ ඔත්තු සේවයේ පුහුණුව ලබා ශ්‍රී ලංකාවේ ඔත්තු බැලීමෙහි යොදවා සිටි අයකු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අනාවරණයකර සිටියේය.

අද (17) බොරැුල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති එ්කාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙසේ අනාවරණයකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

මේ වන විට මේ රටේ ඉතාමත් අවාසනාවන්ත, ඛේදනීය සිදුවීම් රැුසක් සිදු වෙමින් පවතිනවා. ඉන් එකක් තමයි මේ රටේ රාජ්‍ය නායකයා, හිටපු රාජ්‍ය නායකයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා මරා දැමීමට පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරයකු, පොලිස් ඔත්තුකරුවන් හා පාතාල කල්ලි එක්ව කුමන්ත‍්‍රණය කිරීමේ සිදුවීම. මෙම ඝාතන කුමන්ත‍්‍රණය පොලිස් ඔත්තුකරුවකු වූ නාමල් කුමාර නැමැත්තා විසින් හඬපට සාක්ෂි සහිතව අනාවරණයකර තිබෙනවා. හඬපට සැසඳී ඇති නමුත් අද මේ ආණ්ඩුව පොලිස්පතිවරයා හෝ එ් නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන්නේ නැහැ.

‘ඉන්දීය ජාතිකයා විමල් සොයා එ්ම’

මෙම ඝාතන කුමන්ත‍්‍රණයත් සමග ඉන්දීය ජාතිකයකු පිළිබඳව ද කරුණු අනාවරණය වෙනවා. මේ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට පත් වුණාම අප දන්නා අන්දමට ආරක්ෂක අංශවලට පාපොච්චාරණය කර තිබෙනවා, ‘ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් වත්මන් ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම්ට සැලසුම් කළා’ කියා. ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර මා සොයා ගෙන අපේ නිවසට දෙවතාවක් පැමිණ තිබෙනවා. එ් දෙවතාවේම මා නිවසේ සිටියේ නැති නිසා ඔහු නිවෙස තුළට කැඳවා තිබුණේ නැහැ. නමුත් මා එනතුරු යැයි කියමින් ඔහු ඒ දින දෙකේම නිවසේ ගේට්ටුව අසල රැුඳී සිට තිබෙනවා. එ් වගේම ඔහු එක් වරක් මා සොයා ගෙන අපේ පක්ෂ කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. එ් වෙලාවේත් මා නොසිටීම නිසා වෙනත් අයකු සමග කතාබස් කොට කාර්යාලයෙන් නික්ම ගොස් තිබෙනවා.

‘ඔත්තුකරුවාගේ පැටිකිරිය’

අපි සොයා බැලූවා, ‘මේ ඉන්දීය ජාතිකයා කවුද ?’ කියා. මොහු ශ්‍රී ලංකා බලධාරීන්ට ලබා දී තිබෙන නම නොවෙයි, රෝ සංවිධානයේ භාවිතා කරන්නේ. එ් අනුව ඔහුගේ නම රාජේන්ද්‍ර කුමාර්. රෝ සංවිධානයේ පුහුණුව ලැබූ ඔත්තුකරුවන්ට ලබා දෙනවා විශේෂ හැඳුනුම්පතක්. රෝ සංවිධානය මේ රාජේන්ද්‍ර කුමාර්ට ලබා දුන් හැඳුනුම්පත් අංකය තමයි, ‘ආර්. බී. 317217/ වී. ජේ.’ යන්න. 2015 ජනාධිපතිවරණයට පෙරයි මේ රාජේන්ද්‍ර කුමාර් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. දේශපාලන රැුකවරණය ඉල්ලමින් ආ ඔහු, එදා සිට මේ දක්වා රෝ ඔත්තු සේවය වෙනුවෙන් වැඩ කරලා තිබෙනවා. ඔහු මෙතෙක් මේ රටේ ජීවත් වී ඇත්්තේ රැුකියාවක් කරලා නෙවෙයි. ඔහු ජීවත් වී ඇත්තේ රෝ සංවිධානයෙන් ලැබුණු මුදල්වලින්. මේ නිසා තමයි ඔහු අත්අඩංගුවට පත්වූ වහාම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කළේ ‘මේ ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක්’ කියලා. ඕනෑම පුද්ගලයකුගේ ප‍්‍රකාශවල තිබෙන වලංගුභාවය නැති කරන්න හොඳම උප්පරවැට්ටිය තමයි එ් පුද්ගලයා මානසික රෝගියකු ලෙස හැඳින්වීම. එ්ක තමයි මෙතැන දී ඉන්දීය රජය සිදු කළේ.

‘ආවා’ කල්ලියට අවි පුහුණුව

එමගින් අපට පෙනී යන්නේ රෝ ඔත්තු සේවය මේ රට අභ්‍යන්තරය තුළ ඉතාමත් බරපතළ ආකාරයට මුල් බැස ගෙන ඇති ආකාරයයි. එ් විතරක් නොවෙයි අද රෝ ඔත්තු සේවය ඉන්දීය භූමිය තුළ ‘ආවා’ කල්ලියට සන්නද්ධ පුහුණුව ලබා දෙමින් සිටිනවා. ( ඊට අදාළ ඡුායාරූප කිහිපයක් පෙන්වයි * රාජේන්ද්‍ර කුමාර් නැමති රෝ ඔත්තුකරුවා මෙරට රාජ්‍ය නායකයා, හිටපු රාජ්‍ය නායකයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත පිළිබඳව කළ පාපොච්චාරණය, රෝ ඔත්තු සේවය ‘ආවා’ කල්ලිය තර කිරීමත් සුළුකොට තකන්න බැහැ. දෙමළ ඩයස්පෝරාවත් රෝ ඔත්තු සේවාවත් ඉතාමත් බිහිසුණු මෙහෙයුමක් දියත් කරන බව නොවේ ද, අපට පෙනී යන්නේ. නමුත් ජනාධිපතිවරයා තමන් ඝාතනය කිරීමට සැරසෙන අගමැතිවරයකු, පොලිස්පතිවරයකු තබාගෙන සාමදානයෙන් සැතපෙන තෙක්ම කරබාගෙන සිටීමට සැරසෙන බවයි පෙනී යන්නේ. රාජ්‍ය නායකයා කවරෙක් වුව ද මේ ආකාරයට ඔහු ඝාතනය කිරීමේ තැතක් අනාවරණය වූ පසු නිහඬව සිටින්නේ කවර රටේ ද? නමුත් අද ශ්‍රී ලංකාවේ එවැනි අපරාධකරුවන් නිදැල්ලේ සිටිනවා.

‘රණවිරුවන් හිරේ – කොටි ත‍්‍රස්තවාදීන්ට වන්දි’

එ් වගේම ලෝක ඉතිහාසයේ කවර රටකවත් සිදු නොවූ දෙයක් පසුගියදා ලංකාව තුළ සිදු වූවා. තමන්ගේ රට බෙදා වෙන් කිරීමට යුද්ධ කරපු, ජන සංහාරක ත‍්‍රස්තවාදී සංවිධානයකට වන්දි ගෙවීමට පසුගියදා මේ රටේ පාර්ලිමේන්තුව තුළ නීතියක් සම්මත වූවා. මියගිය ත‍්‍රස්තවාදීන්ට, ඔවුන්ගේ පවුල්වල අයට වන්දි ගෙවනවා කියන්නේ අන් කිසිවක් නොවෙයි මේ බිහිසුණු ත‍්‍රස්තවාදය යළි ප‍්‍රවර්ධනය කිරීමක්. අපි මහජන නියෝජිතයින් ලෙස දිවුරා පොරොන්දු වෙනවා, ‘ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීමට කිසිම අයුරකින් අනුබල දෙන්නේ නැහැ’ කියා. නමුත් දැන් ශ්‍රී ලංකා රජය මහ දවල් ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනයය කිරීමට නීතියෙන්ම බැඳී සිටිනවා.

ලක්ෂ්මන් කදිරගාමර් මරා දමපු, ඩග්ලස් දේවානන්දා මරා දැමීමට තැත් කරපු, අරන්තලාවේ භික්ෂූන්වහන්සේලා, කැබිතිගොල්ලෑවේ ගම්වාසීන් කපා කොටා මරා දමපු, ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහපු, ශ්‍රී මහා බෝ සමිඳුන් ලෙයින් තෙත් කරපු කොටි ත‍්‍රස්තවාදීන්ගේ පවුල්වලට වන්දි දීම ම්ලේච්ඡු ත‍්‍රස්තවාදයට අනුබල දීමක් නොවේ ද? අපි මේ රටේ යුද්ධයෙන් විපතට පත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට වන්දි දීමට කිසිසේත්ම විරුද්ධ නැහැ. මෙසේ ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීමටයි විරුද්ධ වන්නේ. මේ ආණ්ඩුව කොලොන්නාව කුණු කන්දට යට වුණුු මිනිසුන්ට, සාමස්සර කන්ද නාය යාමෙන් මියගිය මිනිසුන්ට, සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවා අවසන් නැහැ. නමුත් ඇල්ප‍්‍රඞ් දොරෙයිඅප්පාගේ සිට ලක්ෂ්මන් කදිරගාමර් දක්වා දෙමළ ජන නායකයන් මරා දමපු කොටි ත‍්‍රස්තවාදීන්ගේ පවුල්වලට අද වන්දි ගෙවනවා. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මරා දමපු කොටි බාබුගේ පවුලට වන්දි ගෙවන්න සජිත් පේ‍්‍රමදාස අත එසවූවා. එජාප ජනාධිපති අපේක්ෂක ගාමිණි දිසානායක මරා දමපු කොටි පවුලට වන්දි ගෙවන්න නවීන් දිසානායක අත එසෙව්වා. මෙහෙම පුත්තු ලබන්න තාත්තා පින් කළ යුතුයි. (මාධ්‍යවේදීන්ගේ සිනා) මෙතැනට මේ රට අද ඇද වැටිලා.

‘ත‍්‍රස්තවාදීන් හුරතල් කරන්න පනතක්’

අද මේ රට ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න තියා ‘පාන්’ කියාගන්නවත් බැරි රටක්. අද මේ රටේ තුන්වේල කන්න නැති මිනිස්සු මොන තරම් ඉන්නවා ද? එ් විදිහට ත‍්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න නීති හදන අතරේ පවතින ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන ) පනත අහෝසි කරලා දැන් ගෙන එ්මට හදනවා ත‍්‍රස්තවාදීන් හුරතල් කිරීමේ පනතක්. මෙමගින් ත‍්‍රස්තවාදීන්ට රැුකවරණය ලැබෙනවා. ලැබෙන දඬුවම් ලිහිල් වෙනවා. ත‍්‍රස්තවාදියකු අත්අඩංගුවට ගත් වහාම මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතුයි. පැය 24ක් ඇතුළත ඥාතියකුට දැනුම් දිය යුතුයි. පොල් ගෙඩියක් හොරකම් කිරීම වැනි සුළු වරදක් කළ කෙනකුට නැති රැුකවරණයක් මේ නව පනතින් ත‍්‍රස්තවාදීන්ට ලබා දෙනවා.

මේ ආණ්ඩුව මේ ආකාරයටම ආර්ථික ත‍්‍රස්තවාදයක් ක‍්‍රියාත්මක කරනවා. මේ රටේ සියලූ සම්පත් නොරටුන්ට විකුණනවා. ආර්ථිකයේ සියලූ අවස්ථා විදේශිකයන්ට ලබා දෙනවා. පසුගිය කැබිනට් රැුස්වීමේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණන්න ගෙන ආ කැබිනට් පත‍්‍රිකාවට ජනාධිපතිවරයා විරෝධය දැක්වීම නිසා එය නතර වී තිබෙනවා. නමුත් එ් බව අගමැතිවරයා ඉන්දියාවේ හින්දු පුවත්පතට එසැනින් දැනුම් දෙනවා. එය අද එම පුවත්පතේ ප‍්‍රධාන පුවත වී තිබෙනවා. බොරු ණය බරක් ගැන කියන මේ ආණ්ඩුව හම්බන්තොට වරායට ගෙවීමට තිබූ ණය වාරිකයටත් වැඩි මුදලක් අද සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගෙන ඊට ගෙවනවා. ‘තවතවත් ආර්ථිකය කඩා වට්ටලා, ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කරලා, මේ රට ගැටුම් බහුල තෝතැන්නක් බවට පත් නොකර දැන්වත් බැහැලා යන්න’ කියා අපි මේ ආණ්ඩුවට අවධාරණය කරනවා.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/10/17



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More