දේශීය පුවත්

රජය අපහසුතාවයට පත් කරන්න දූෂිත පොලිස්පතිට මම වක්‍රව හරි උදව් කරන බව නිතිය හා සාමය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“කුමාර වෙල්ගම මහත්තයට චෝදනා කරනවා යූ.එන්.පීය ගෝඨාභයට බය තිබුනට ඇයි මොනවටද කුමාර වෙල්ගමලා ගෝඨාභයට බය වෙන්නේ කියලා. අපි නං ගෝඨාභයට බය නෑ. අපි දන්නවා ඒ ගොල්ලෝ අතර තියෙන්නෙ පවුල්වාදය කියන එක. කුමාර වෙල්ගම මහත්තයාට යම්කිසි කොන්දක් තියෙනවා ඒ පවුල් වාදයට විරුද්ධව කතා කරන්න. අපිට කඩේ යාමක් නෙමේ කුමාර වෙල්ගම මහත්තයා කියන්නේ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් විදියට එතුමා පළපුරුද්ද තියෙනවා, මම දන්නේ නෑ එතුමාටත් ජනාධිපති සිහින දකින්න ඇති. ඒ නිසා තමයි එතුමා කතා කරන්නේ.ඒ නිසා අපිට බොහොම පැහැදිලිව පේනවා මේ ජනාධිපති අපේක්ෂකත්වය හරහා පොහොට්ටුව මේ ඒකාබද්ධ කල්ලිය විශාල අර්බුදයක් කරා ගමන් කරනවා කියන කාරණය. මාධ්‍ය තුළින් තමයි මේ කරුණු කාරණා ගැන කතා වුනේ. අපිටනං කිසිම දැනුවත් කිරීමක් කරලා නෑ පොලිස්පතිතුමා ඉල්ලා අස් වෙනවද කියලා. මං දන්න විදිහට මගේ ඇමතිතුමාට දැනුවත් කිරීමක් කරලා නෑ .

ඒ වගේම ජනාධිපතිතුමාට දැනුවත් කරලා තියෙනවද අගමැති දැනුවත් කරලා තියෙනවද කියල මම විශ්වාස කරන්නේ නෑ. එතුමාට ඉල්ලා අස්වීමේ අයිතිය තියෙනවා. අපි හිතමු පොලිස්පතිවරයා වැඩක් නැහැ කියලා. පොලිස්පතිවරයා දූෂිතයි කියලා. එහෙනම් ඒකාබද්ධ විපක්ෂය කරන්න ඕනේ නම් පොලිස්පතිවරයාව එලවන්න අවශ්‍ය වටපිටාව හදන එක හෝ ප්‍රෙෂර් එක දාන එක නෙවෙයි පොලිස්පතිවරයා තියාගෙන ඉන්න එක තමයි මෙයාලට වාසිය.”

“දුර්වල පොලිස්පතිවරයෙක් ඉන්නවා නම් ඒ හරහා රජය අපකීර්තියට පත් වෙනවා. මම විපක්ෂයේ හිටියා නම් දුර්වල පොලිස්පතිවරයෙක් හිටියා නම් ඒ පොලිස්පතිට සහයෝගය දෙනවා අනියම් විදියට හරි. එතුමා තව අවුරුදු 2ක් මම දන්නා විදියට පොලිස්පති හැටියට දරන්න පුළුවන්. තානාපතිකම් කරන්න ඕනේ නැහැ. මම කියන්නේ පොලිසිය තුලින් සිදු වෙන්න ඕනේ තව විශාල වැඩ කොටසක් තියෙනවා.

මෙව්වා තව වේගවත් කරලා මේ සමාජ වැඩසටහන් වලට එතුමාට දෙන්න පුළුවන් දායකත්වය උපරිමය දෙන්න කියන එක තමයි මම කියන්නේ. මම නම් දැක්කේ නැහැ ජනාධිපතිතුමා අස්වෙන්න කියනවා. මම දැක්කේ නැහැ, මට ඇහුනෙත් නැහැ. එතුමා පොලිස්පතිවරයා විතරක් නෙවෙයි සමහර ජේෂ්ඨ නිලධාරීන්ට, මැති ඇමැතිවරුනට විවේචන ඉදිරිපත් කරනවා. හැබැයි හොදට මතක තියා ගන්න මේ ඉන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තයා විවේචන ඉදිරිපත් කලාට, චෝදනා කලාට හිටපු ජනාධිපතිතුමා වගේ කළුවර කාමර වල දාගෙන නිලධාරීන්ට ගහලා නැහැ එක දවසක්වත්. ඒක නම් මට කියන්න පුළුවන්. ඒක ඒ ගුටිකාපු අයනේ කිව්වේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

AM



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More