දේශීය පුවත්

ලක්දිවට බුදු දහම රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේගේ පරිණිර්වාණය සිදුවූ දිනය සැමරීමට රජය සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කර ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියෝ ඊයේ (16දා) පැවසූහ.

අදාළ උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබියදී, එක්වරම එය නතර කර දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු මහා සංඝරත්නය සංවේගයට පත්වන බවත්, එම පිළිකුල් සහගත ක්‍රියාවට දැඩි අප්‍රසාදයක් පළකරන බවත් උන්වහන්සේ පැවැසූහ.

“මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරන්න අපට දින දෙකක් ලැබී තිබෙනවා. ඒ මිහිදු හිමියන් බුදු දහම ලංකාවට රැගෙන ආ පොසොන් පොහොයත්, උන්වහන්සේ පරිනිර්වාණයට පත්වූ, වප් මාසයේ අටවක දවසත් පමණයි.

අද පාසල්වල ඉගෙන ඉගෙන ගන්න දුවා දරුවන් වත් මේ දිනය දන්නෙ නැහැ. පෙළපොතකවත් ඇතුළත් නැහැ. මෙවර මෙම දිනය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළා. ජනාධිපතිවරයා හා සංස්කෘතික ඇමැතිවරයාද සහභාගි වන බව සඳහන් කරලා සාකච්ඡා පැවැත්වූවා.

ඉන් පස්සේ මේ උත්සවය අවලංගු කළා කියලා අනුරාධපුර දිසාපතිවරයාට දන්වා තිබෙනවා. මිහින්තලය විහාරාධිපති හිමියන් විදිහට මා හට කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැහැ. මම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.

රාජ්‍ය උත්සවයක් ලෙස රජ දවසේ සිට පවත්වාගෙන ආ මෙම උත්සවයට අද මහා සංඝරත්නය හා මේ අවට ගම්වල ජනතාව පමණයි. ආණ්ඩුවේ නායකයන්, මෙරටට බුදු දහම ආරම්භ වූ මිහින්තලේ වැනි සිද්ධස්ථාන පිළිබඳව කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැහැ.

රටේ සිංහලකම, බෞද්ධකම නැතිවේගෙන යන යුගයක්. ජනතාවට අපි කියනවා, සිංහලකම බෞද්ධකම තියෙන රටට ආදරේ කරන මිනිස්සු මින් පසුව පත්කර ගන්න ඕන කියලා. අද රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් සිටිනවා. නමුත් යාපනයේ බුදු පිළිමයක් තියන්න බෑ, පන්සලක් හදන්න බෑ, ආගම සංහිඳියාවට බාධාවක් නිසා” යැයි උන්වහන්සේ පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More